එසේ පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටීමට සුදානම් වන්නේ, පාස්කු ඉරිදා (21) ප්‍රහාරය සාපරාධි නොසැලකිල්ල (Criminal negligence) මත සිදුවූවක් බවට චෝදනා කරමින් ජනාධිපතිවරයා වෙත ප්‍රතිපුරුෂ වගකීම පැවරීමට (Vicarious Liability) මේවනවිට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකර ඇති මානව හිමිකම් නඩුව සඳහා ය.
පාස්කු ඉරිදා ප්‍රහාරය හා ඉන් අනතුරුව මෙරට සිදුවූ බරපතල තත්වයන් ද සලකා එම ඉල්ලීම සිදුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සුදානම් වන බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් පාර්ශ්වකරුවන් පස්දෙනෙකු විසින් නීතිපතිවරයා ද වගඋත්තරකරුවකු කරමින් ගොනුකර ඇති මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ කරුණු තහවුරුකර ගැනීමට නියමිතය.
විධායක ජනාධිපතිවරයකු සතුව තිබු පුර්ණ මුක්තිය 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර තිබීම හේතුවෙන් ජනාධිපතිවරයාට එරෙහිව මෙලෙස මානව හිමිකම් නඩු පැවරීමේ අවස්ථාව හිමිව ඇත.
ජනාධිපති එරෙහි නඩුව විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණ පුර්ණ විනිසුරු මඩුල්ලක් !
T
The Leader Desk
May 30, 2019 • 12:20 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් පාර්ශ්වකරුවන් පස්දෙනෙකු විසින් නීතිපතිවරයා ද වගඋත්තරකරුවකු කරමින් ගොනුකර ඇති මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ කරුණු තහවුරුකර ගැනීමට නියමිතය.
- විධායක ජනාධිපතිවරයකු සතුව තිබු පුර්ණ මුක්තිය 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර තිබීම හේතුවෙන් ජනාධිපතිවරයාට එරෙහිව මෙලෙස මානව හිමිකම් නඩු පැවරීමේ අවස්ථාව හිමිව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


