ස්වාමීන්වහන්සේලා දෙනම අතර කෙටි සාකච්ඡාවක්ද පැවැත්වීණ. රතන හිමියන් පසුගිය 31 දා සිට මෙම උපවාසයේ නිරතව සිටිති.
අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතු ඥානසාර හිමියන්, හෙට දහවල් 12 වීමට පෙර බදියුදීන්, හිස්බුල්ලා, අසාද් සාලි යන තිදෙනා දරන තනතුරුවලින් ඉවත් කිරීම සදහා ආණ්ඩුවට කාලය දෙන බව කියා සිටියහ.
එම කාලය තුල අදාල කටයුත්ත නොකලහොක් රට පුරා සියළු සංඝයා වහන්සේලා එකතුව අරගලයක් ආරම්භ කරන බවද උන් වහන්සේ කියා සිටියහ.
මුස්ලිම් අන්තවාදයට එරෙහිව අරගල කරන ඕනෑම පාර්ශවයකට කොන්දේසි විරහිතව සහාය දෙන බවද උන් වහන්සේ කීහ.
“ හෙට දොළහට කළින් උත්තරයක් දෙන්න නැත්නම් ඉතිං මුළු රටේම සැණකෙළි බලාගන්න පුළුවන් “ යයි උන්වහන්සේ තර්ජනාත්මක පැවසුහ.
ජනාධිපති ඉල්ලන් කෑ වගයි !
බන්ධනාගාර සිරදඬුවම් විඳිමින් සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා ජනාධිපති පොදු සමාව ලබාදී නිදහස් කරනු ලැබිය.
අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම තිබියදී ජනාධිපතිවරයා උන්වහන්සේට පසුගිය 23 දිනයේ සමාවක් ප්‍රධානය කරනු ලැබුවේ ඇතැමුන්ගේ බරපතල විරෝධතාවයන් ද නොතකා හරිමිනි.
තර්ජනය කිරීමක් නොවේ - බොදු බලය කියයි
මේ අතර අද මහනුවරදී ඥානසාර හිමි කල ප්‍රකාශය ජාතිවාදී ගැටුමක් පිළිබඳ තර්ජනයක් ලෙස පලවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව බොදු බල සේනා සංවිධානයේ ඥායාචාර්ය, කතිචාර්ය දිලන්ත විතානගේ මහතා පවසයි.
ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක් අද සවස 4.30 ට මහියංගනය දෙහිගොල්ල පංසලේදී සිදුකෙරෙන බවද ඔහු කියා සිටියි.
සබැඳි පුවත් :
ඥාණසාර හිමි පුරුදු 'ගේම' ඉල්ලයි : ජනාධිපති අනාතයි (VIDEO)



