The Leader News
BREAKING
මයික්‍රෆෝනයෙන් පන්හිඳට ගිය මාධ්‍ය දැවැන්තයින්ගේ නොකියූ කතාව●මානසික සුවයට AI සොයන තාරුණ්‍යය: විසඳුමක්ද අවදානමක්ද?●රජයක වගකීම ව්‍යාපාර කිරීම නොවේ: මිලින්ද මොරගොඩ කියයි●රාජ්‍ය සේවයට මහා සැත්කමක්: ජනපතිගෙන් ප්‍රතිසංස්කරණ මාලාවක්●වසර පහක නිහැඬියාව බිඳිමින් ශේෂාද්‍රි කියන කතාව●DigiNote | නිල සංචිත ඩොලර් බිලියන 7 පනී: දිළිඳුකමත් නගී●ට්‍රම්ප්ගේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස දැඩි මතධාරී ස්ටීවන් මිලර් පත්වෙයි●විදුලි බිලට එකතු වන ‘ධාරිතා ගාස්තු’ ගැන මහජන උපයෝගිතා කොමිසමෙන් ප්‍රශ්න●ප්‍රගීත් අතුරුදන්වීම සහ දේශපාලන කරළියේ සතියේ නඩු●තීරුබදු කප්පාදුව සහ භාණ්ඩාගාර ආදායම අතර සියුම් ගැටුම●
Top Ad
පුවත්

හිස්බුල්ලා හා අසාද් සාලි : ජනපතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

June 3, 2019 • 3:02 AM

හිස්බුල්ලා හා අසාද් සාලි : ජනපතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුකාර හිස්බුල්ලහ් මහතා ඊයේ (02) රාත්‍රී 7.00ට පමණ ජනාධිපතිවරයා හමුවී සාකච්ජා පවත්වා තිබිණ.
  • එහිදී හෝ ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බව ඔහු ජනාධිපතිගේ නියෝජිතයින්ට පවසා තිබිණ පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජනාධිපතිවරයා මුහුණ දී සිටින තත්වය තමන්ට තේරුම්ගත හැකි නමුත්, මේ අවස්ථාවේදී ඉල්ලා අස්වීමට තමන්ට ඇති නොහැකියාව පැහැදිලිකර ඇති ඔවුන් දෙදෙනා, අවශ්‍යනම් තමන්ව එම තනතුරුවලින් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාට පවසා ඇත. 

පුජ්‍ය රතන හිමියන්ගේ උපවාසය හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලවත් අසීරුතාවයකට පත්ව සිටින හෙයින් තාවකාලිකව හෝ ආණ්ඩුකාර තනතුරු වලින් ඉවත්වන්නැයි ජනාධිපතිවරයාගේ නියෝජිතයින් කිහිප දෙනෙකුම ඊයේ දිනයේ කිහිප අවස්ථාවකදීම ඔවුන් දෙදෙනා ගෙන් ඉල්ලා ඇතත්, ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුනේ ජනාධිපතිවරයා තමන්ගෙන් එවැනි ඉල්ලීමක් කර නොමැති බව පවසමිනි.

ආණ්ඩුකාර හිස්බුල්ලහ් මහතා ඊයේ (02) රාත්‍රී 7.00ට පමණ ජනාධිපතිවරයා හමුවී සාකච්ජා පවත්වා තිබිණ. එහිදී හෝ ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බව ඔහු ජනාධිපතිගේ නියෝජිතයින්ට පවසා තිබිණ පවසයි.

ජනාධිපතිවරයා ඔවුන්ට ඉල්ලා අස්වන්නැයි ඉල්ලීමක් කර තිබුනේ ඉන් අනතුරුවය. 

ජනාධිපතිවරයාගේ දැනුම් දීමෙන් අනතුරුව හිස්බුල්ලහ් මහතා, ආසඩ් සාලි මහතාගේ නිවසට ගොස් වත්මන් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වේලාවක් සාකච්ජා පවත්වා ඇති අතර මොනයම්ම තත්වයක් යටතේ හෝ ඉල්ලා අස්නොවිමට එම අවස්ථාවේදී තීරණය කර තිබේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...