මේ අනුව කබීර් හෂීම්, රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් ඇතුළු රජය නියෝජනය කරනු ලබන සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් අද (03) පස්වරුවේ සිය තනතුරුවලින් ඉවත්වීමට නියමිතය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර අරලියගහ මන්දිරයේ අද (03) දහවල් පැවති විශේෂ සාකච්ජාවක දී එම දැනුම්දීම සිදුකර ඇත.
ඒ අනුව, අද සවස 3.30 ට රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයේදී විශේෂ මාධ්‍ය සාකච්ජාවක් කැඳවා එබව රට හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතය.
අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින් මහතාට එල්ල කරන අභූත චෝදනා සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකොට සත්‍ය හෙළිදරව් කර, මුස්ලිම් සමාජයට යුක්තිය ඉටුකරන තෙක් යලි ඇමතිධුර භාර නොගැනීම ඔවුන් විසින් ඒකමතිකව තීරණය කර ඇත.



