සටහන් කර ගනිමින්, ඊට අදාලව විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇතයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
අමාත්‍ය රිෂාඩ් බද්දුර්දීන් මහතාට සහ ජනාධිපතිවරයා විසින් පත්කර සිටි නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන්ට එරෙහිව චෝදනා නගමින්, ඔවුන් ඉවත්කරන්නැයි බලකරමින් අතුරලියේ රතන මන්ත්‍රී හිමියන් දින තුනක මාරාන්තික උපවාසයක නිරතව සිටියහ.
මේ සම්බන්ධයෙන් ඊයේ (03) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා, ඕනෑම මුස්ලිම් ඇමතිවරයෙක් හෝ මන්ත්‍රිවරයෙක් සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා නම් ඒවා සම්බන්ධයෙන් පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටියේය.
"දැන් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් සහය ලබා දෙන්න අපි අපේ තනතුරු වලින් ඉවත් වෙන්න තීරණය කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ විමර්ශන සිදුකරන්න මාසයක කාලයක් විතර ගතවේවි. කිසිදු මුස්ලිම් ඇමතිවරයෙක් හෝ මන්ත්‍රිවරයෙක් සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා නම් ඒවා සම්බන්ධයෙන් පැමිණිලි කරන්න, අදාළ අංශ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරාවි" යනුවෙන් කබීර් හෂීම් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම්, එම්.එච්. අබ්දුල් හලීම්, ඒ.එච්.එම්.ෆවුසි, කබීර් හෂීම් ඇතුළු රජය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවුෆ් හකීම් මහතා මෙසේද කීය.
රජයේ වැඩ ගැන පිළිකුලක් !
‘‘රටේ වත්මන් තත්වය පිළිබඳව අපි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ කැබිනට් අමාත්‍යවරුන් සමඟ දීර්ඝව සාකච්ඡා කළා. එම සාකච්ඡාවෙන් පසු අපිට ස්වාධීනව තීරණයක් ගැනීමට අවකාශය සැලසුනා.
ඒ අනුව රජයේ නිල තල දරන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සියලු දෙනාම ඉල්ලා අස්වීමට තීරණය කළා.
විශේෂයෙන්ම අපට අවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ සාමය, සංහිඳියාව ස්ථාපිත කරලා රටේ මතුව ඇති මේ කලබගෑනිය වළක්වා ගැනීමට. ඒ වගේම මේ වට තුඩු දෙන අනෙකුත් බලවේග එල්ලකරන මේ චෝදනා පිලිබඳ නිසි පරීක්ෂණයක් සිදු කළ යුතුයි.
අපි මේ රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඒ සඳහා වූ උපරීම සහයෝගය අපේ ජනතාවත්, අපිත් උපරීම ලෙස ලබා දී තිබෙනවා.
අපි එලෙස සහාය ලබා දී තිබියදීත් විටින් විට මේ රටේ වෛරය ක්‍රෝධය ඇති කරන ක්‍රියාදාමයන්ට එරෙහිව රජය කටයුතු කරන ආකාරය පිළිබඳව අපි පිලිකුලට පත් වෙනවා.
සමස්ත මුස්ලිම් ජනතාවම වින්දිතයන් වූ අවස්ථාවක්:
මේ දිනවල සිදුවූ නොයෙකුත් සිදුවීම් ගැන විශාල භීතිකාවක් අපේ ජනතාවට තිබෙනවා. අපේ ජනතාව අහිංසකයි. යම් සුලු කල්ලියක් කරපු මේ ක්‍රියාදාමයට සමස්ත මුස්ලිම් ජනතාවම වින්දිතයන් වූ අවස්ථාවක් විදියට අපි මේක දකිනවා.
අපි ආණ්ඩුවේ ඇමතිධූරවලින් ඉවත් වුවත් අපි මේ ආණ්ඩුව බලහීන කරන කිසිදු ක්‍රියාදාමයක් කරන්නේ නැහැ. අපි ආණ්ඩුව තුළ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් ආණ්ඩුව රැකීමට ඉදිරිපත් වෙනවා. ඒ ආකාරයෙන්ම මේ ආණ්ඩුව අපි නියෝජනය කරන ජනතාවගේ ආරක්ෂාවත් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මේ රට එක්සේසත් කළ යුතුයි. මේ රටේ ජාතීන් අතර සමගිය ඇති විය යුතුයි. අපේ රටට ජාත්‍යන්තරයේ තියෙන කීර්තිනාමයට කිසිඳු හානියක් වීමට අපිට ඉඩදිය නොහැකියි.
චෝදනා කාට තිබුනත් ඒ චෝදනා පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදුකළ යුතුයි. පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවක් මගින් අපිට මේ ගැන විසඳුමක් අපේක්ෂා කළ නොහැකියි.
යම් අපරාධකරුවෙක් සිටිනවනම් ඔහු පිලිබඳ ඕනෑම දඬුවමක් දිය හැකියි. ඒ ගැන අපිට කිසිදු ගැටලුවක් නැහැ. රට තුළ භේද ඇති කරන බලවේග පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. ඔවුන් රට තුළ ඇති කරන කලබල සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුයි’’ යැයිද ඔහු එහිදී පැවැසීය.



