ලෙස අද දිනය (03) ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වනු ඇතැයි මුදල් මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.
ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වීම දැනුම්දීමට ඊයේ අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේදී ඉහත කාරණය අවධාරණය කර ඇති මුදල් අමාත්‍යවරයා, භික්ෂුන් වහන්සේලා කිහිප නමකගේ විරෝධය හමුවේ දේශපාලන නායකයින් නිවට අකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් දැඩි ආවේගයෙන් යුතුව අදහස් දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂයේ නායක එස්.ජේ.වී. චෙල්වනායගම් අතර 1957 ජූලි 26 දිනදී අත්සන් තැබුණු එකඟතාවයක් බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම නමින් හැඳින්වෙයි.
මුස්ලිම් මැති ඇමතිවරුන් පමණක් ඉල්ලා අස්වීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අහිතකර ලෙස බලපෑමේ අවධානම මෙහිදී පැහැදිලි කර ඇති අමාත්‍යවරයා, එවැනි තත්වයක් වැලැක්වීම සඳහා තමා ද මේ මොහොතේම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව ප්‍රකාශකර තිබේ. එහෙත් අගමැතිවරයා මෙන්ම සියලුම මුස්ලිම් දේශපාලන නායකයින් මේ අවස්ථාවේදී ඇමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබිණ.
''එදා බණ්ඩාරනායක මහත්තයට කොන්ද පණ තිබුනේ නැහැ. ඒකෙන් වෙච්ච විනාශය අපි ඇස්පනාපිට දැක්කා. අද අපේ නායකයින්ටත් කොන්ද පණ නැහැ. දේශපාලන බලය ආගමික නායකයින් අතට පත්වීම අතිශයින් භයානකයි.'' මුදල් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති මුදල් අමාත්‍යවරයා මෙසේ සඳහන් කර ඇත.
“වෛරයෙන් වෛරය නොසන්සිඳේ.
අවෛරයෙන්ම පමණක් වෛරය සන්සිඳේ.
එය සදාකාලික සත්‍යයකි...
බුදුන් වහන්සේ වදාළ එම උතුම් ධර්මය නාමයෙන්
සිවුරු පැළඳගත් පුද්ගලයින් විසින් වෛරය වපුරවද්දී
එම දහමට අනුව ක්‍රියා කිරීමට
අද දින මුස්ලිම් මැති ඇමතිවරුන්ට සිදු විය.
අපේ ආදරණීය මව්බිමට ලැජ්ජා සහගත දිනයකි.“
මල්වතු මහා නාහිමියෝ පැවසු වදන :
බණ්ඩාරනායක-චෙල්වනායගම් වැනි ගිවිසුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මහා විනාශයකට මුහුණ දුන් බව මල්වතු මහා නාහිමියෝ ද මිට ඉහතදී ප්‍රකාශකර ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා 2017 ඔක්තෝම්බර් මාසයේ එහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ එම කාරණය අවධාරණය කර තිබිණ.
අදාල ප්‍රකාශය ඇතුලත් 'බීබීසී සිංහල සේවයේ' පුවත් වාර්තාව,
නව ව්‍යවස්ථාව: ප්‍රභාකරන් බිහිවුණේ විසඳුම් නොදුන් නිසාද?
ඊයේ දිනයේ සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද මත පලවී ඇත. බණ්ඩාරනායක හාමුගෙන් පස්සේ ලංකාවට උන ලොකුම විනාශය අද සිදුවූ බව ඔබේ කුඩා දරුවන් මතු දවසක පවසනු ඇත. '' එහි එක පොස්ස්ටුවක සඳහන් විය.

උන්වහන්සේලා දිනලා, රටට කෙලවලා !
රතන මන්ත්‍රී හිමියන්ගේ ' මහා මාරාන්තික උපවාසය' අවසන් වීමෙන් අනතුරුවද ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේද පුළුල් කතිකාවක් ආරම්භ වී ඇත.
ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති කපිල ක්‍රිෂාන්ත, සහරාන්ගේත් රතනගේත් වෙනස මොකක් දැයි විමසා සිටියි.
පාස්කු ඉරිදා (21) ප්‍රහාරයෙන් මියගිය අය, තුවාල වූ අය, විනාශ වූ දේපළ සහ ඇත්ත අපරාධකරුවන් යට ගොස් ජාතිවාදී දේශපාලනය උඩට ආ අපූරුව ඔහුගේ FB පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.
සිය FB පිටුවේ සටහනක් තබන උදුල් ප්‍රේමරත්න, ''සහරාන් මැරිල කරන්න හදපු දේ..රතන සාදු නොමැරී කලා නේද..?'' කියා විමසා සිටියි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රනාන්දු ප්‍රසංග සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.
''ස්තුතියි රතන හිමියනි, ඉතිරිව සිටියා නම් ප්‍රගතිශීලි මුස්ලිම් එකෙක් ඌවත් ජාතිවාදියෙක් කලාට ..''
දේශපාලන නායකයින් අන්තවාදී භික්ෂුන් වහන්සේලා කිහිප නමකට යටත්වීම සමාජ මාධ්‍ය වලද සංවාදයට ලක්ව ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති බර්නාඩ් කාරියවසම්, රජයක ප්‍රධාන මූලධර්මයක් විය යුත්තේ සියලු ජාතීන්ට සමානව සැලකීම බව අවධාරණය කර සිටියි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කල්‍යානන්ද පෙරේරා පවසන්නේ, ''හැමෝම දිනලා. රටට කෙලවෙලා.'' කියාය.




