The Leader News
BREAKING
Top Ad
පුවත්

මුස්ලිම් මන්ත්‍රීවරුන් එළවීම භයානකයි !

T

The Leader Desk

June 4, 2019 • 3:28 PM

මුස්ලිම් මන්ත්‍රීවරුන් එළවීම භයානකයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සම්බන්ධයෙන් ලේඛක තිඹිරියාගම බණ්ඩාර ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, වර්තමානයේ සිදුවන ක්‍රියා දේශපාලනමය වශයෙන් නුසුදුසු බවය.
  • විපක්ෂ නායක අමිර්තලිංගම් ඇතුළු 16ක් එළියට ගියා.
  • ප්‍රජාතතන්ත්‍රවාදී ව්‍යුහයෙන් මහජන නියෝජිතයන් ඇද දැමීම භයානකයි," යනුවෙන් ඔහු සඳහන් කර තිබිණි.
  • පවතින තත්ත්වය පිළිබඳව 'බීබීසී සිංහල සේවය' කළ විමසීමකදී දඹර අමිල හිමියන් පැවසුවේ අනාගත දේශපාලන අරමුණු ඉලක්ක කර ගනිමින් ඇතැමුන් මුස්ලිම් සමාජය කෙරෙහි වෛරයක් පැතිරවීමේ උත්සහයක නිරත වන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සම්බන්ධයෙන් ලේඛක තිඹිරියාගම බණ්ඩාර ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, වර්තමානයේ සිදුවන ක්‍රියා දේශපාලනමය වශයෙන් නුසුදුසු බවය.

"එදා සිරිල් මැතිව්ලා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට කොටි ලේබල් ගහල පාර්ලිමේන්තුවෙන් එලවලා දැම්මා. විපක්ෂ නායක අමිර්තලිංගම් ඇතුළු 16ක් එළියට ගියා. ඒ මන්ත්‍රීවරුන්ගෙන් සමහරු පස්සෙ කොටින්ගෙන් වෙඩි කාලා මැරුණා. සන්දර්භ දෙකක් වුවත් මෙදා සිද්ධ වෙන දේ එදා දේට සමහර කරුණු අතින්‍ සමානයි. ප්‍රජාතතන්ත්‍රවාදී ව්‍යුහයෙන් මහජන නියෝජිතයන් ඇද දැමීම භයානකයි," යනුවෙන් ඔහු සඳහන් කර තිබිණි.

Thimbiriyagama Bandara 

පවතින තත්ත්වය පිළිබඳව 'බීබීසී සිංහල සේවය' කළ විමසීමකදී දඹර අමිල හිමියන් පැවසුවේ අනාගත දේශපාලන අරමුණු ඉලක්ක කර ගනිමින් ඇතැමුන් මුස්ලිම් සමාජය කෙරෙහි වෛරයක් පැතිරවීමේ උත්සහයක නිරත වන බවය.

පරාජිත දේශපාලකයන් පිරිසක් මේ පිටුපස සිටින බවට ද උන්වහන්සේ චෝදනා කරති.

"මැතිවරණවලදී ජනතාව අතරින් ගිලිහී ගිය මෙම පිරිස් තම ජනප්‍රියත්වය තහවුරු කර ගැනීමට දරන උත්සහයක් ලෙස මෙම විරෝධතා හඳුන්වන්න පුළුවන්," අමිල හිමි පැවසීය.

"මුස්ලිම් නායකයින්ට එරෙහිව විරෝධතා දියත් කිරීම තුළින් ත්‍රස්තවාදය සහ අන්තවාදය පිටු දැකීමේ අරමුණ සාක්ෂාත් කර ගන්න බැහැ."

 

නීතිය සහ සාමයට බලපෑම්: ලංකා වාණිජ මණ්ඩලය කනස්සල්ලෙන්

 මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ සිදුවෙමින් පවතින සිදුවීම් නිසා රට තුළ නීතිය සහ සාමයට බලපෑම් ඇති වෙතැයි තමන් සිතන බවය.

ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ සමහර පාර්ශවයන්ගේ ක්‍රියා දෙස බැලීමේදී තමන්ට එය හැඟෙන බවය.

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පාර්ශව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කර සැකය දුරලීම සිදුවිය යුතු බව ද ඔවුහු පවසති.

 (උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...