The Leader News
BREAKING
Top Ad
පුවත්

'රතන කළේ තක්කඩි වැඩක්' - ඥානසාර හිමි රතන හිමිගේ පළු අරිති (වීඩියෝ)

T

The Leader Desk

June 5, 2019 • 2:51 AM

 'රතන කළේ තක්කඩි වැඩක්' - ඥානසාර හිමි රතන හිමිගේ පළු අරිති (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද(04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන් වහන්සේ මේ බව කියා සිටියේය.
  • සහරාන්ගේ ඇතුලු අන්තවාදය පරාජය කරන්න සිංහල මිනිසුන්ට වඩා උදව් කළේ මුස්ලිම් මිනිසුන් බව ද පැවසු උන්වහන්සේ, අද වන විට මේ වන වැඩවලින් එවැනි සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුත් අන්තවාදයට තල්ලු විය හැකි බව ද පැවසීය.
  • ඇමති මංගල සමරවීර මහතා බෝම්බයක් ගසමින් මේ රට සිංහල, බෞද්ධ රටක් නොවන බව පැවසූ බවත් කියා සිටි ඥානසාර හිමියන් ඒ තුළින් අවධානය වෙනත් අතකට හැරවු බව ද කියා සිටියේය.
  • පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද කිසිදු සාකච්ඡාවකින් තොරව උපවාසයක් කිරීමට පෙළඹු බව ද පැවසු උන්වහන්සේ ප්‍රහාරයෙන් සතියකින් පමණ පසුව මෙවැනි දෙයක් සිදු කරමින් මුස්ලිම් මන්ත්‍රීවරු ඉවත් වෙන්නැයි පැවසුවේ නම් එය සාධාරණ බව ද පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


අද(04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන් වහන්සේ මේ බව කියා සිටියේය.

සහරාන්ගේ ඇතුලු අන්තවාදය පරාජය කරන්න සිංහල මිනිසුන්ට වඩා උදව් කළේ මුස්ලිම් මිනිසුන් බව ද පැවසු උන්වහන්සේ, අද වන විට මේ වන වැඩවලින් එවැනි සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුත් අන්තවාදයට තල්ලු විය හැකි බව ද පැවසීය.

ඇමති මංගල සමරවීර මහතා බෝම්බයක් ගසමින් මේ රට සිංහල, බෞද්ධ රටක් නොවන බව පැවසූ බවත් කියා සිටි ඥානසාර හිමියන් ඒ තුළින් අවධානය වෙනත් අතකට හැරවු බව ද කියා සිටියේය.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද කිසිදු සාකච්ඡාවකින් තොරව උපවාසයක් කිරීමට පෙළඹු බව ද පැවසු උන්වහන්සේ ප්‍රහාරයෙන් සතියකින් පමණ පසුව මෙවැනි දෙයක් සිදු කරමින් මුස්ලිම් මන්ත්‍රීවරු ඉවත් වෙන්නැයි පැවසුවේ නම් එය සාධාරණ බව ද පැවසීය.

මුස්ලිම් සමාජයම ඔවුන් අතට ගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබූ බවත් ඒ සියල්ල රතන හිමිගේ උපවාසය නිසා සිදු වු බවත් පැවසු ඥානසාර හිමි පුද්ගලයින් තිදෙනෙකුට පමණක් ප්‍රහාර එල්ල කිරීම නිසා මහමොළකරුවන්ගේ සම්බන්ධතා ගැන කථා කළේ නැති බවද සඳහන් කළේය.


මෙම මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මෙසේද පැවසුහ.

තක්කඩිවිදිහට හිතන ආත්මාර්තකාමියෝ:


''සහරාන්ලගේ මේ අන්තවාදයට උදවු කරන්න සිංහල සමාජයට වඩා උදවු කළේ මේ මුස්ලිම් මිනිස්සු. උන්මත්තක අන්තවාදයට විරුද්ධව රොද බැන්දේ ඒ සාම්ප්‍රදායක මුස්ලිම් මිනිස්සු. දැන් මේ වෙන වැඩවලින් මොකක්ද වෙන්නේ? සාම්ප්‍රදායක මුස්ලිම් මිනිස්සුත් අන්තවාදයට තල්ලු වෙන්න පුළුවන්. 

මේ මොන අපරාධයක්ද කරගන්නේ මේ රටේ මිනිස්සු. තක්කඩිවිදිහට හිතන ආත්මාර්තකාමියෝ පිරිසක් දැන් මේක ඉස්සරහින් හිටගෙන  දැන් මේක වෙන පැත්තකට හරවන්න හදනවා. දැන් හරි වීරයෝ, වීරයෝ ගොඩයි. නායකයෝ ගොඩයි.

 මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඉලක්ක කරගෙන මේ පංචස්කන්ධ තුනක් මුල් කරගෙන රතන හමුදුරුවෝ ගිහිල්ලා ඉඳගන්නවා උපවාසයකට. 

දැන් ඒ උපවාසයකට වාඩිවෙන්න තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සතියකට විතර පස්සේ කිවුවනම් මේ ඔක්කොම මුස්ලිම් මන්ත්‍රීවරු ටික පැත්තකට වෙන්න කරුණාකරලා මේ ප්‍රශ්න ටික විසඳගන්න කියලා  ඒක සාධාරණයි. 

දැන් මේ පුද්ගලයන් තුන්දෙනාද ප්‍රශ්ණේ, මේකෙන් වෙන්නේ මම අද කිවුවා කියලා හිතාගන්න මහා සිංහල මුස්ලිම් කෝලහලයක් මේ රටේ නිර්මාණය වෙනවා මේ යන විදිහට. 

ඒක නෙවෙයිනේ කළ යුත්තේ. ඒක ඊයේ සිද්ධවුනා අපරාධ කියන්න බැහැ මේ හාමුදුරුවන්ගේ උපවාසය නිසා. පුද්ගලයන් තුන් දෙනෙකුට ගැහුවා. හැබැයි උලමා සභාව ගැන උන්වන්සේ කතාකරේ නැහැ, ෂූරා කවුන්සිලය ගැන උන්වහන්සේ කතාකරේ නැහැ, මුස්ලිම් කවුන්සිලය ගැන උන්වහන්සේ කතාකරේ නැහැ. 

ඔය මුස්ලිම් දේශපාලඥයෝ තුන්දෙනා වගේ තමයි සිංහල දේශපාලඥයෝ. දැන් අපේ සිංහල දේශපාලඥයෝ පාතාලයත් එක්ක නැද්ද? ඩ්‍රග්ස් ඩීලර්ස්ලත් එක්ක නැද්ද?  ස්මග්ලින් කරන අයත් එක්ක නැද්ද අපේ කට්ටිය එහෙනම් අපේ එවුන්ටත් විරුද්ධ වෙන්න එපැයි.''

වීඩියෝව 

 

රතන සාදුගේ "රැල්ල" හයිජැක් කිරීමේ කලාව :


රතන මන්ත්‍රී හිමියන්ගේ 'මාරාන්තික උපවාසය' සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේද විවිධ අර්ථ දැක්වීම් සංසරණය වන අතර "රැල්ල" හයිජැක් කිරීම කලාවක්නම් එහි පිකාසෝ රතන හාමුදුරුවෝ බව ප්‍රගීත් රත්නායක සිය FB පිටුවේ සටහනක් තබමින් පවසා තිබේ.

Pragith


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සිංහල සහරාන්ලා අවශ්‍යව ඇතැයි සංජය ලියනගේ සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.
san

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...