2024 අය වැය වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස

හෙට (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අය වැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡාවකට ජනාධිපතිවරයා අද (12) පෙරවරුවේ සිය නිල නිවසේදී  එක් විය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මධුශංක දිසානායක ද ඊට එක්ව සිටියහ.

xcfger6t45
මෙවර අයවැයෙන් වියදම් කරන්නේ කුමන සමාජ ස්ථරයකට ද?

මෙවර අයවැයෙන් වියදම් කරන්නේ කුමන සමාජ ස්ථරයකට යන කාරණය සම්බන්ධයෙන් 'සමබිම' නායක දීප්ති කුමාර ගුණරත්න සහ ප්‍රකට දේශපාලන විශ්ලේෂකයකු වන විපුල කරුණාතිලක විසින් ඉදිරිපත් කල දේශපාලන විග්‍රහයක් පහත වීඩියෝවේ දැක්වේ. 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image