The Leader News
BREAKING
Top Ad
පුවත්

2024දී ජාතික ආර්ථිකයේ ඉහළම දායකත්වය බස්නාහිරින් : දෙවෙනි තැන වයඹ -තුන මධ්‍යම

T

The Leader Desk

December 23, 2025 • 6:30 AM

2024දී ජාතික ආර්ථිකයේ ඉහළම දායකත්වය බස්නාහිරින් : දෙවෙනි තැන වයඹ -තුන මධ්‍යම  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව වසර 2024 සමස්ථ ආර්ථික දියුණුවට බස්නාහිර පළාතෙන් ලබාදී ඇති දායකත්වය සියයට 42.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
  • වසර 2024දී ජාතික ආර්ථික දියුණුවට අනුපිළිවෙළින් වයඹ (සියයට 11.5) සහ මධ්‍යම (සියයට 10.7) පළාත් විසින් දෙවෙනි සහ තෙවෙනි ලෙසට දායකත්වය ලබා දී ඇත.
  • කෙසේ නමුත් වසර 2023ට සාපේක්ෂව අනෙකුත් සෑම පළාතක්ම ජාතික ආර්ථිකත්වයට වසර 2024 දී ලබාදෙන දායකත්වය ඉහළ නංවාගෙන ඇත.
  • වසර 2024 දී ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 29899කි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව වසර 2024 සමස්ථ ආර්ථික දියුණුවට බස්නාහිර පළාතෙන් ලබාදී ඇති දායකත්වය සියයට 42.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

වසර 2024දී ජාතික ආර්ථික දියුණුවට අනුපිළිවෙළින් වයඹ (සියයට 11.5) සහ මධ්‍යම (සියයට 10.7) පළාත් විසින් දෙවෙනි සහ තෙවෙනි ලෙසට දායකත්වය ලබා දී ඇත.

කෙසේ නමුත් වසර 2023ට සාපේක්ෂව අනෙකුත් සෑම පළාතක්ම ජාතික ආර්ථිකත්වයට වසර 2024 දී ලබාදෙන දායකත්වය ඉහළ නංවාගෙන  ඇත.

ඒය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේද කියා සිටි.

 

වසර 2024 දී ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 29899කි. එය වසර 2023දී වාර්තා වී තිබෙනුයේ රුපියල් බිලියන 27419කි. ඒ අනුව වසර 2023ට වඩා වසර 2024දී රුපියල් බිලියන 2480කින් දළ දේශීය නිෂ්පාදිතය වැඩිවී ඇත‍.

 

බස්නාහිර පළාතේ මෙම ඉහළ දායකත්වය විශේෂයෙන්ම සේවා සහ කර්මාන්ත අංශ තුළ කැපී පෙනුණි. මේ අතර, සමස්ත ද.දේ.නි. සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්ව අනුපිළිවෙළින් වයඹ (සියයට 11.5) සහ මධ්‍යම (සියයට 10.7) පළාත් විසින් ලබා දී ඇත.

මධ්‍යම, නැගෙනහිර, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වලින් නාමික දළ දේශීය නිෂ්පාදිතයට ලබාදුන් දායකත්ව 2023 ට සාපේක්ෂව 2024 දී ඉහළ ගියේය. ආර්ථික කටයුතු සඳහා පළාත් මගින් දායකත්වය කෘෂිකාර්මික කටයුතු සඳහා වන ඉහළම දායකත්වය මෙම වසරේදී ද වයඹ පළාත (සියයට 20.0) මගින් ලබා දී ඇති අතර, මධ්‍යම (සියයට 13.9) සහ දකුණු (සියයට 11.8) පළාත් පිළිවෙළින් දෙවන සහ තෙවන ඉහළම දායකත්ව ලබා දී ඇත.

වසර 2024දී කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා ප්‍රමුඛ දායකත්වය තවදුරටත් තහවුරු කළ බස්නාහිර පළාත සමස්තකර්මාන්ත නිමැවුමෙන් සියයට 47.6ක ප්‍රමාණයක් සඳහා දායක විය. එසේම, වයඹ (සියයට 12.0) සහ මධ්‍යම (සියයට 9.6) පළාත් සමස්ත කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා ඊළඟ ඉහළම දායකත්ව වාර්තා කර ඇත.

සේවා අංශයේ ක්‍රියාකාරීත්වය සලකන විට, බස්නාහිර පළාත සිය ප්‍රමුඛතාව 2024 වසරේදී ද පවත්වා ගනිමින් සියයට 44.5ක දායකත්වයක් වාර්තා කර ඇති අතර, මධ්‍යම පළාත සියයට 10.7ක සහ වයඹ පළාත සියයට 10.1ක මීළඟ ඉහළ දායකත්ව පිළිවෙලින් වාර්තා කර ඇතැයි මහ බැංකුව කියයි.

(සටහන | ජේ.මුණසිංහ)

Press Release on Provincial Gross Domestic Product 2024 S page 0001

 Press Release on Provincial Gross Domestic Product 2024 S page 0002

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...