The Leader News
BREAKING
Top Ad
පුවත්

හුලං මෝල් සියල්ල අකුලාගන්නා තුරු මන්නාරම් ජනතාව අරගලයේ

T

The Leader Desk

November 6, 2025 • 2:38 PM

හුලං මෝල් සියල්ල අකුලාගන්නා තුරු මන්නාරම් ජනතාව අරගලයේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අත් හැරීමට සුදානම් නොමැති බව මන්නාරම් වාසීන් විසින් අවධාරණය කර තිබේ.
  • කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස නොවැම්බර් 04 වැනිදා දැනුම් දී සිටියේ සැලසුම් කර ඇති ව්‍යාපෘතිවලට අමතරව මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.
  • පරිසරයටත්, ජන ජීවිතයටත් විනාශකාරී ලෙසින් මන්නාරම් දුපතේ ඉදිකෙරෙන සුළං බලාගාර වලට විරෝධය පාමින් දින සීයකට ආසන්න කාලයක් අරගලයේ යෙදි සිටින දුපත් වාසීන් ආන්ඩුවට දැඩිව කියා සිටින්නේ මේ වන විටත් දුපතේ ක්‍රියාත්මක වෙමින් පවතින සුළං විදුලි ව්‍යාපෘති වහාම හකුලා ගන්නා ලෙසයි.
  • රජය පවසන පරිදි දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් (03) සැලසුම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අත් හැරීමට සුදානම් නොමැති බව මන්නාරම් වාසීන්  විසින් අවධාරණය කර තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස නොවැම්බර් 04 වැනිදා දැනුම් දී සිටියේ සැලසුම් කර ඇති ව්‍යාපෘතිවලට අමතරව මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.

"ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම් දුපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දුපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ගරු ජනාධිපතිතුමා අදාළ බලධාරීන්ට දැනුම්දී ඇති බව බලශක්ති අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ අනුව කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී."

මහජන විරෝධය මැද දැනට ක්‍රියාත්මක කෙරෙන බලාගාර සම්බන්ධයෙන් කිසිවක් රජය විසින් දැනුම් දී තිබුනේ නැත.


පරිසරයටත්, ජන ජීවිතයටත් විනාශකාරී ලෙසින් මන්නාරම් දුපතේ ඉදිකෙරෙන සුළං බලාගාර වලට විරෝධය පාමින් දින සීයකට ආසන්න කාලයක් අරගලයේ යෙදි සිටින දුපත් වාසීන් ආන්ඩුවට දැඩිව කියා සිටින්නේ මේ වන විටත් දුපතේ  ක්‍රියාත්මක වෙමින් පවතින සුළං විදුලි ව්‍යාපෘති වහාම හකුලා ගන්නා ලෙසයි.


රජය පවසන පරිදි  දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් (03) සැලසුම් කර තිබේ.

එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබුනේ 2021 වසරේ දීය.

අනෙක් ව්‍යාපෘති වන වින්ඩ්ස්කේප් මැනාර් (Windscape Mannar) පුද්ගලික සමාගමේ මෙගාවොට් 20ක සුළං විදුලි ව්‍යාපෘතියේ සහ හේලීස් ෆෙන්ටන් (Hayleys Fentons) මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු පිළිවෙලින් 2025 දෙසැම්බර් මස සහ 2026 දෙසැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ජනතා විරෝධය නොතකා  මෙගාවොට් 20ක සුළං විදුලි ව්‍යාපෘතියේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර මන්නාරම් වාසියන් දින සියකට අධික කාලයක සිට ඊට විරෝධය පාමින් සිටි.


මන්නාරම් දුපතේ සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ප්‍රශ්න කරන මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති එස්. මාර්කස් පියතුමා නොවැම්බර් 05 වැනි බදාදා මාධ්‍ය හමුවක් කැදවමින් අවධාරණය කර තිබුනේ දැනට ක්‍රියාත්මක කරමින් පවතින සුළං ටර්බයින මාලාවේ වැඩ සහ දුපතේ වැලි කැනීම් නතර කරන තෙක්  මන්නාරම් වැසියන්ගේ අරගලය අත් හැරීමට සුදානම් නොමැති බවයි.


"දැනට ක්‍රියාත්මක වන සුළං ටර්බයින 14 ක වැඩ නතර නොකරන බව පැහැදිලිව ප්‍රකාශ කරලා තියනවා. එම නිසා මෙම අරගල භුමියේ සිට අප කියන්නේ මේ අරලගය නතර වෙන්නේ නෑ. අදාළ සුළං ටර්බයින 14 ඉවත් කර, දැනටමත් ඉදිකර ඇති සුළං ටර්බයින නිසා ඇති වන බලපෑම්වලට විසඳුම් ලබා දෙන්න කියලත්, මන්නාරම දිස්ත්‍රික්කයේ  වැලි කැණීමක් සිදු නොවන බවට සහතිකයක් ලබා දුන්නොත් විතරයි මේ අරලගය නතර කරන්නේ. "

ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර, මේ වනවිට මන්නාරම් දුපතේ  ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට 2025 අගෝස්තු 13 වැනිදා  ජනාධිපතිවරයා තීරණය කර තිබුනේ ඒ සම්බන්ධයෙන්  ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය.


පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරීන් හා විරෝධතාකරුවන් පසුගියදා හෙලි කර තිබුනේ ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ට ලබා දුන් පොරොන්දු කඩ කරමින් මන්නාරම් දුපතේ අලුතින් ස්ථාපිත කිරීමට නියමිත සුළං බලගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාල අංශ වලට අවසර ලබා දී ඇති අතර ඔවුන් එහි වැඩ කටයුතු ආරම්භ කර ඇති බවයි.


ශ්‍රී ලංකාවේ විශාලතම දූපත වන මන්නාරමේ ජන ජීවිතයට හා පරිසරයට විනාශය කැදවමින් පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කරන අධිබල සුලං බලාගාර තැනීමට විරෝධය දක්වන ප්‍රදේශවාසීන් එකහෙළා ඉල්ලා සිටින්නේ එම සියළු  ව්‍යාපෘති වහාම මන්නාරම් දුපතෙන් ඉවතට ගෙන යන ලෙසයි.

මෙම පුවතට අදාල තවත් විස්තර :

මන්නාරම සුළං බලාගාර කැබිනට් තීන්දුව : 'වචන හරඹයක් කර ජනතාව රවටන්න ආණ්ඩුව සූදානම් වෙනවා' - වසන්ත මුදලිගේ

මන්නාරම දූපත ආශ්‍රිත සුළං බලාගාර ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් මන්නාරම් ජනතාවගේ ප්‍රතිචාරය


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...