leader s

මන්නාරම සුළංවිදුලි බලාගාර ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක නොකරන්නේ යැයි පැවසුව ද ආණ්ඩුව, වචන හරඹයක් කර ජනතාව රැවටීමට සූදානම් වන්නේ යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ මන්නාරම සුළං විදුලි බලාගාර ඉදිකිරීම අත්හිටවූ බවට කැබිනට් මණ්ඩලය කළ ප්‍රකාශය සහ එහි සැබෑව අනාවරණය කිරීම සඳහා අද (06 ) ජන අරගල ව්‍යාපාරය විසින් කැඳවන ලද විශේෂ මාධ්‍ය හමුවේ දී ය.

 

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ වසන්ත මුදලිගේ...

 

ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත

 

"මන්නාරම සුළංවිදුලි බලාගාර ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කරන්නෙ නෑ, එම ව්‍යාපෘතිය නවත්වනවා කියලා පෙරේදා දවසේ ආණ්ඩුව කැබිනට් තීරණයක් ප්‍රකාශ කරලා තියනවා. එක පැත්තකින් ආණ්ඩුවට පිළිගන්න වෙලා තියනවා අපි කියපු විදිහටම මේ ව්‍යාපෘතිය හරහා ජනතාවට විශාල පීඩාවක් සහ පරිසර පද්ධතියට බරපතළ හානියක් වෙනවා කියලා.

 

ඒ නිසා තමයි ආණ්ඩුවට මේ තරමින් හරි මේ ව්‍යාපෘතිය නවත්වනවා කියලා කියන්න වෙලා තියෙන්නේ. නමුත් මෙතන තියන ප්‍රශ්නය තමයි ආණ්ඩුව දැන් සූදානම් වෙන්නේ වචන හරඹයක් කරලා ජනතාව රවට්ටන්න. මොකද ආණ්ඩුව කියලා තියෙන්නේ ජනතාවගේ සහ පාරිසරික ගැටලු මූලික කරගෙන තවදුරටත් මන්නාරමේ නව ව්‍යාපෘති පටන් ගන්නේ නෑ කියලා.

 

එතකොට මේ කියන වචන අස්සෙ ම තියනවා දැනට කරගෙන යන බලාගාර ව්‍යාපෘති ඒ විදිහට ම ක්‍රියාත්මක කරනවා කියන එක. ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා මේ ගැන කොළඹ දී මාධ්‍යට ප්‍රකාශ කරන වෙලාවෙ ම අන්න මන්නාරමට ගිහිල්ලා බලශක්ති අමාත්‍යාංශය ජනතාවට කියනවා දැනට ගහන්න ඉන්න ටර්බයින් 14 ගහනවා. එතනින් එහාට ව්‍යාපෘති කරන්නේ නෑ කියලා.

 

නූල් සූත්තර දාන්න අපි ඉඩ තියන්නේ නෑ

 

මේ ටර්බයින් 14 ගහන එකට විරුද්ධව තමයි ජනතාව මෙච්චර ආණ්ඩුව එක්ක පොරබදන්නේ. මේ ටර්බයින් 14 නිසා තමයි මන්නාරම පක්ෂි පර්‍යටන කලාපය විනාශ වෙන්නේ. මේ ව්‍යාපෘතිය නිසා තමයි මන්නාරම් දූපතට හානි වෙන්නේ. ඒ නිසා අනේ අපිට මේ ටික කරගන්න දෙන්න මෙතනින් එහාට අපි මුකුත් කරන්නෑ වගේ සුරංගනා කතා කියලා ආණ්ඩුව මේ කරන්න යන බොරුව මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන.

 

අපි මන්නාරමේ ජනතාව එක්ක මේ අරගලය කරනකොට ඒකට විරුද්ධව ආණ්ඩුව පැත්තෙන විවිධ දේවල් කළා. අපි දැක්කා සමහරු කියනවා මේ අරගලය සාධාරණ නැහැ කියලා. හැබැයි දැන් ඒ අයටම පිළිගන්න වෙලා තියනවා මේ ව්‍යාපෘතියේ බරපතළ ප්‍රශ්නයක් තියනවා කියලා. ඒක එක පැත්තකින් ජනතාව ලබපු ජයග්‍රහණයක්. හැබැයි ඒ ජයග්‍රහණය පාවිච්චි කරලා ආණ්ඩුව උත්සහ කරන්නේ තමන්ගේ වැඩේ කරගන්න.

 

එහෙම නූල් සූත්තර දාන්න අපි ඉඩ තියන්නේ නෑ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මන්නාරම් සුළංවිදුලි බලාගාර ව්‍යාපෘතිය මුළුමන්ම හකුළගත යුතුයි. මොකද මන්නාරම කියන්නේ සංවේදී පරිසර කලාපයක්. අනිත් එක ඒ ප්‍රදේශයේ ජීවත්වෙන දහස් ගාණක් ජනතාවගේ ජනජීවිතයට හානිකරලා කරන සංවර්ධනයකින් රටට වැඩක් නෑ. ඒ නිසා මේ ව්‍යාපෘතිය මුළුමනින් ම හකුළගන්න කල් අපි ජන අරගල ව්‍යාපාරය විදිහට දිගින් දිගට ම මන්නාරම් ජනතාව සමග එක්තුවෙලා අරගල කරන්න සූදානම්.''

 

(සටහන - ජයසිරි අලවත්ත)

 


සබැඳි ලිපියක් :

මන්නාරම දූපත ආශ්‍රිත සුළං බලාගාර ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් මන්නාරම් ජනතාවගේ ප්‍රතිචාරය

 

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්