The Leader News
BREAKING
Top Ad
පුවත්

මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට ආසන්න වෙයි

T

The Leader Desk

December 18, 2025 • 5:36 PM

මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට ආසන්න වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතැම් ජලාශ වාන් දැමීම ආරම්භ වී තිබේ.
  • ඒ හේතුවෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
  • මේ අතර මොරගහකන්ද ජලාශය වාන්මට්ටමට ආසන්නවන බව එහි කාර්‍යභාර ඉංජිනේරු පී.එස්.
  • අද දින පස්වරුව වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය සියයට 98.92 දක්වා ළඟා වී ඇතැයි නිවේදනය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතැම් ජලාශ වාන් දැමීම ආරම්භ වී තිබේ.

ඒ හේතුවෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර මොරගහකන්ද ජලාශය වාන්මට්ටමට ආසන්නවන බව එහි කාර්‍යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අද දින පස්වරුව වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය සියයට 98.92 දක්වා ළඟා වී ඇතැයි නිවේදනය කළේය.

ඉදිරි කාලගුණ පුරෝකථනවලට අනුව ජල පෝෂක ප්‍රදේශවලින් මොරගහකන්ද ජලාශයට ලැබෙන ජලය මෙන්ම වැසි තත්ත්වයේ වර්ධනයත් සමග බෝවතැන්න ජලාශයෙන් මුදා හැරෙන ජලය මොරගහකන්ද ජලාශයට ලැබීම හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට සිදුවන බව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.

දිස්ත්‍රික් ලේකම්වරුන්, වාරිමාර්ග අධ්‍යක්ෂ, නේවාසික ව්‍යාපාර කළමණාකරුවන්,ප්‍රාදේශිය ලේකම්වරුන්, පොලිස්ථාන මෙන්ම පොලොන්නරුව ආපදා කළමණාකරණයට අදාල ත්‍රිවිද හමුදා ප්‍රධානීන් ඇතුළු මාධ්‍ය ආයතන වෙත එම නිවේදනය නිකුත් කර තිබේ.

තවදුරටත් තද වැසි ලැබෙන බවට අනාවැකි

2025 දෙසැම්බර් මස 18 දින ප.ව. 2.00ට නිකුත් කළ, 2025 දෙසැම්බර් මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකියට අනුව, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි සඳහන් ය.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

තව ද, සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ අනවකියේ ඇතුළත් ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට ආසන්න වෙයි | The Leader