The Leader News
BREAKING
Top Ad
පුවත්

රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි ; නඩුව අද කැඳවයි

T

The Leader Desk

December 19, 2025 • 3:56 AM

රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි ; නඩුව අද කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව රාජකාරී පැහැරහැරීමක් සිදුකර ඇති නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.
  • ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටප්‍ර කථානායක අශෝක රන්වල ධාවනය කළ ජිප් රථය ඉකුත් දෙසැම්බර් 11 වැනිදා රාත්‍රීයේ සපුගස්කන්ද ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබීය.
  • කෙසේවෙතත් අනතුර අවස්ථාවේ බීමත්කම පරීක්ෂා කිරීම පමාවීම ඇතුළුව නීතිය ක්‍රියාත්මක කිරීමේ පමාවන් සම්බන්ධව විවිධ පාර්ශ්වවලින් මෙහිදී විවේචන එල්ල විය.
  • ඒ අනුව එහිදී සපුගස්කන්ද පොලිස් නිලධාරීන් නිසි පරිදි රාජකාරී කටයුතු සිදුකර ඇත්තේද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව රාජකාරී පැහැරහැරීමක් සිදුකර ඇති නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටප්‍ර කථානායක අශෝක රන්වල ධාවනය කළ ජිප් රථය ඉකුත් දෙසැම්බර් 11 වැනිදා රාත්‍රීයේ සපුගස්කන්ද ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබීය.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා පසුව ඇප මත මුදා හැරිණි.

කෙසේවෙතත් අනතුර අවස්ථාවේ බීමත්කම පරීක්ෂා කිරීම පමාවීම ඇතුළුව නීතිය ක්‍රියාත්මක කිරීමේ පමාවන් සම්බන්ධව විවිධ පාර්ශ්වවලින් මෙහිදී විවේචන එල්ල විය. ඒ අනුව එහිදී සපුගස්කන්ද පොලිස් නිලධාරීන් නිසි පරිදි රාජකාරී කටයුතු සිදුකර ඇත්තේද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර විමර්ශනයක් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.

එහි වාර්තාව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත භාර දී ඇත.

අදාළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ, ඉකුත් 11 වනදා රාත්‍රී 7.25ට පමණ අනතුර සිදුව ඇති අතර ඉන් විනාඩි 25කට පසුව එනම් රාත්‍රී 7.50ට පමණ සපුගස්කන්ද පොලිසියේ සැරයන්වරයෙකු අදාළ ස්ථානයට ගොස් ඇති බවය.අනතුරුව සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා හා රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ ඇත්තේ රාත්‍රී 8.00ට පමණය. ඒවන විටත් රන්වල මන්ත්‍රිවරයා හා ඔහු අනතුරට ලක් කිරීමෙන් තුවාල ලැබූ දරුවා හා කාන්තාවන් දෙදෙනා එම ස්ථානයේ සිට නොමැත.

එදින රාත්‍රී 9.30ට පමණ අනතුර සිදු වූ ස්ථානයට ගිය සපුගස්කන්ද පොලිසියේ සැරයන්වරයා කිරිබත්ගොඩ රෝහලට ගොස් ඇති බවත් ආදළ වාර්තාවේ සඳහන් වේ.

ඔහු එහි ගේට්ටුව අසල සිටි ආරක්ෂක නිලධාරියෙකුගෙන් අනතුර සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ, රෝහල් ගතකළ පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවය.

අනතුරුව අදාළ සැරයන්වරයා රෝහලේ කිසිඳු බලධාරියෙකුගෙන් ඒ පිළිබඳව විමසා හෝ පෞද්ගලිකවම පරීක්ෂා කර නොමැති බව සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත.

කෙසේවෙතත් ඒවන විට රන්වල කිරිබත්ගොඩ රෝහලේ සිට ඇති අතර ඔහු රෝහලෙන් රාත්‍රී 10.35ට පමණ පිටව ගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.

අනතුරුව අශෝක රන්වල කොළඹ ජාතික රෝහලට පැමිණ ප්‍රතිකාර සඳහා ඊට ඇතුළත්වීමට උත්සහා දැරීමේදී ඔහු විසින් අනතුරට ලක් කළ පිරිසේ ඥාතීන්ගෙන් දැඩි දෝෂාරෝපනයක් එල්ල වී තිබේ.

එම ස්ථානයේ අදාළ අනතුර පිළිබඳව සොයාබැලීමට පැමිණි සපුගස්කන්ද පොලිසියේ සැරයන්වරයා සිට ඇති නමුත් රෝහලේ උණුසුම් තත්ත්වයක් ඇතිවීමත් සමග ඔහු කිසිඳු විමර්ශනයක් නොකර එම ස්ථානයෙන් පිටත්ව ඇති බව පොලිස්පතිවරයා වෙත ලබාදුන් වාර්තාවේ සඳහන් වේ.

මන්ත්‍රීවරයා රෝහල්ගතව සිටීම හේතුවෙන් ඔහු මත්පැන් පානය කර සිටියේද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා භාවිත කරනු ලබන බීමත්කම පරීක්ෂා කරන නල පිම්බීමට ලබාදීමට පොලිසියට නොහැකි වී ඇති බව ද අදාළ වාර්තාවේ දැක් වේ.

එහෙත් එවැනි අවස්ථාවක පොලිසිය විසින් භාවිත කරනු ලබන අධිකරණ වෛද්‍ය පෝරමයවත් කිරිබත්ගොඩ රෝහලේදී සපුගස්කන්ද පොලිසියෙන් ලබාදීමක් කර නොමැත.

එය ඔහුට ලබාදී ඇත්තේ අනතුර සිදුවීමෙන් පසුදින කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලිසිය විසිනි.

ඉන් අනතුරුව ඔහුගේ රුධිර හා මුත්‍රා සාම්පල ලබාගෙන ඇති බව වාර්තා වේ.

මෙවැනි ආන්දෝලනාත්මක අනතුරක් සිදුව ඇති පසුබිමක විමර්ශන සඳහා සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා හෝ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අවම වශයෙන් කිරිබත්ගොඩ හෝ කොළඹ ජාතික රෝහලට ගොස් නොමැති බවත් අදාළ විමර්ශනයේදී හෙළි වී ඇත.

පසුදින රන්වල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස්පතිවරයාගේ සෘජුව මැදිහත්වීමෙන් සිදුකළ විමර්ශනයේදී බව ද වාර්තා වේ.

රිය අනතුරෙන් පසුව රන්වල මන්ත්‍රීවරයා මත්පැන් පානය කර ඇති බවට විවිධ පිරිස් චෝදනා කිරීම, ඔහු විසින් අනතුරට ලක් කළ තිදෙනෙකු රෝහල්ගතව සිටීම වැනි තත්ත්වයකදී නියත වශයෙන්ම ඔහුව අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය කටයුතු කළ යුතු වූවද එසේ සිදුකර නොමැති බවත් පොලිස්පතිවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් වේ.


අදාළ විමර්ශනයේදී නිරීක්ෂණය වී ඇත්තේ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධව විමර්ශනය කළ රථවාහන අංශයේ ස්ථානාධිපති හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරයා හා දිස්ත්‍රික්භාර නිලධාරීන් රාජකාරී පැහැරහැරීමක් සිදුකර ඇති බවය.

ඒ අනුව අදාළ නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මූලික විමර්ශනයක් ආරම්භ කර දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව පොලිසි මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.

මේ අතර අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ රිය අනතුරට අදාළ නඩුව අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණයේදි කැඳවිමට නියමිතය.

(aruna)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...