2022 මැයි 9 වැනිදා පොලු මුගුරු රැගත් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ‘ගෝඨාගෝ ගම’ අරගලකරුවන්ට සිදුකළ අමානුෂික පහරදීම් වැළැක්වීමට එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් නිසි පියවර නොගැනීම අභියෝගයට ලක්කරමින් අරගලකරුවකු විසින් ගොනු කර තිබූ පුද්ගලික පැමිණිල්ල 2022 වසරේදි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවට කොළඹ ප්‍රධාන මහාධිකරණය ඊයේ (18දා) තීන්දු කළේය.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අනීතික ලෙස ප්‍රතික්ෂේප කොට තිබූ එම පැමිණිල්ල වහාම නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් නැවත සලකා බැලීම සිදුකරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ පෙරකී නියෝගය ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් ද නිකුත් කළේය.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2022.12.02 වැනිදා නිකුත් කළ පෙරකී නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා සෙයියදු මවුලානා නමැත්තා විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන අයැදුම්පතක් විභාග කළ මහාධිකරණය එම නියෝග කළේය.
අධිකරණයක් හමුවට ගොනු වන පැමිණිල්ලක් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් සලකා බැලීම අධිකරණයේ යුතුකම හා වගකීම වුවත් තම අධිකරණය හමුවේ ඉදිරිපත් වූ ලේඛන ඇතුළු සාක්‍ෂි අනුව උගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් එකී වගකීම ඉටුකර නොමැති බවක් තම අධිකරණයට පෙනී යන්නේ යැයි ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සිය තීන්දුව නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
දේශබන්දු තෙන්නකෝන් එකී අමානුෂික පහරදීම් වැළැක්වීමට පියවර නොගැනීමෙන් පොලිස් ආඥා පනත උල්ලංඝනය කර ඇති බව පෙන්වා දෙමින් සෙයියදු මවුලානා ගොනු කර තිබූ පැමිණිල්ල ප්‍රතික්ෂේප කොට තිබූ අතර එකී නියෝගයට එරෙහිව පැමිණිලිකාර පාර්ශ්වය අධිකරණ සේවා කොමිෂන් සභාවට ද පැමිණිලි කොට මහාධිකරණය හමුවේ එම ප්‍රතිශෝධන අයැදුම්පත ගොනු කර තිබූ අතර නීතිඥ අචලා සෙනවිරත්න පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටියාය.
(divaina | ඒ.ජේ.ඒ. අබේනායක)
දේශබන්දුට එරෙහි පැමිණිල්ල ඉවත දැමීම: මහෙස්ත්‍රාත් අධිකරණයේ තීරණය නීතියට පටහැනියි
T
The Leader Desk
December 19, 2025 • 5:26 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2022.12.02 වැනිදා නිකුත් කළ පෙරකී නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා සෙයියදු මවුලානා නමැත්තා විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන අයැදුම්පතක් විභාග කළ මහාධිකරණය එම නියෝග කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



