බව පවසමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් කොළඹ දිසා අධිකරණයේ අපහාස නඩුවක් ගොනු කර තිබේ.
මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා සහ ස්වාධීන රූපවාහිනිය නම් කර ඇති අතර, තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් සහ නඩුව පවරන දින සිට තීන්දුව ලබාදෙන දින දක්වා එම මුදල සඳහා වූ නෛතික පොලිය අයකර දෙන ලෙස DMR/1467/25 නඩුවෙන් ඉල්ලා ඇත.
2025 ජනවාරි 09 වන දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර තිබුණේ, හිටපු ආණ්ඩුකාරවරයා හල්දුම්මුල්ල බෝගහපැලැස්ස රක්ෂිතයේ අක්කර 5,482ක විශාල ඉඩම් ප්‍රමාණයක් ජාවාරම්කරුවන් සමඟ එක්ව බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බවත්, අක්කරයකට රුපියල් ලක්ෂය බැගින් ලබාගෙන ඉඩම් විකුණා ඇති බවත්ය.

මීට අමතරව අඹ පැළ සොරකම් කිරීම ඇතුළු චෝදනා 15කට අධික ප්‍රමාණයක් අමාත්‍යවරයා විසින් එහිදී එල්ල කර තිබූ අතර, එම ප්‍රකාශ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති විකාශ සහ ‘පත්තරෙන් එහා’ වැඩසටහන මගින්ද ප්‍රචාරය කර තිබිණි.
කීර්ති තෙන්නකෝන් සිය පෙත්සම මගින් පෙන්වා දෙන්නේ එම සියලු ප්‍රකාශයන් සහ වක්‍රොක්තියෙන් එල්ල කළ චෝදනා අසත්‍ය මෙන්ම ද්වේෂ සහගත ඒවා බවත්, එමගින් තමන්ගේ ගෞරවයට බරපතල හානියක් සිදුව ඇති බවත්ය.