The Leader News
BREAKING
Top Ad
පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට අගමැතිනියගෙන් සහතිකයක්

T

The Leader Desk

December 20, 2025 • 3:50 AM

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට අගමැතිනියගෙන් සහතිකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අග්‍රාමාත්‍යවරිය ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් පළ කළේ, 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
  • නව ව්‍යවස්ථාවකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකියි ''පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 194 පිටුවේ සඳහන් පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනවා.
  • ඊට අදාළ නිශ්චිත කාලවකවානු ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනවා.
  • පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට මේ දක්වා නොහැකි වී තිබෙන්නේ 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ විධිවිධාන අනුව මැතිවර්ණ සීමා නීර්ණ කටයුතු අවසන්ව නොමැති නිසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අග්‍රාමාත්‍යවරිය ඊයේ  (19) පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් පළ කළේ, 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

 මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය...

නව ව්‍යවස්ථාවකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකියි

''පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 194 පිටුවේ සඳහන් පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනවා. එය මහජනතාවට ඉදිරිපත් කර සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදු කර ජනමත විචාරණයකින් අනතුරුව සම්මත කර ගැනීමයි රජයේ අපේක්ෂාව. 

 
මේ වන වට  මීට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටු වාර්ථා සහ අනෙකුත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා සළකා බලමින් සිටිනවා. අනතුරුව එහි මූලික සංකල්ප පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න නියමිතයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන අවස්ථාවේ දී ම අවශ්‍ය කටයුතු සිදු කරනවා. 
 
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකියි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ එය සිදු කළ හැකි ආකාරය පිළිබඳ අධ්‍යයනයක් මේ වන විට සිදු කරමින් තිබෙනවා. රටේ ප්‍රමුඛ ප්‍රශ්න විසඳීම සඳහා අවධානයක් ලබා දෙන අතර ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවධානය යොමු කර තිබෙනවා. ඊට අදාළ නිශ්චිත කාලවකවානු ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනවා.

පළාත් සභා පැවැත්වීමට නොහැකි ඇයි...?

පළාත් සභා මැතිවරණය  හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් යනවා. 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ 3 (ආ) වගන්තිය යටතේ හඳුන්වා දී ඇති විධිවිධාන අනුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සීමා නීර්ණය කිරීමේ කමිටුවක් මගින් මැතිවරණයට අදාළ මැතිවරණ කොට්ඨාස සීමා නීර්නය කිරීම සහ මැතිවරණ කොට්ඨාස ගණනය කිරීම තීරණය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එම වාර්ථාවට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් පසුව පළාත් සභා ඡන්ද විසීම පැවැත්වීමට හැකියාව තිබෙනවා. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට මේ දක්වා නොහැකි වී  තිබෙන්නේ  2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ විධිවිධාන අනුව මැතිවර්ණ සීමා නීර්ණ කටයුතු අවසන්ව නොමැති නිසයි. ඒ අනුව සීමා නීර්ණය අවසන් කළ පසු පළාත් සභා මැතිවරණය පවත්වනවා ද නැත්නම් 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ විධීවිධාන සඳහා සංශෝධනයක් ගෙන එමින් පළාත් සභා මැතිවරණය පවත්වනවා ද කියන එක ගැන මේ වනවිට අධ්‍යයනයක් කරමින් පවතිනවා. ඒ අධ්‍යයනයෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන තීරණයක් ගන්නවා. කෙසේ වෙතත් මේ කටයුතු අවසානයේ මැතිවරණය පැවැත්වීම සඳහා 2026 අයවැය තුළින් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

එසේම රජයේ අභිචෝධකාගාරය ඇති කිරීම සඳහා අවශ්‍ය නව නීති සහ නීති සංශෝධනය කළ යතු අවස්ථා පිළිබඳ මේ වනවිට අධ්‍යයනය කරමින් පවතිනවා.''

(සටහන - ජයසිරි අලවත්ත)


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට අගමැතිනියගෙන් සහතිකයක් | The Leader