The Leader News
BREAKING
Top Ad
පුවත්

රන්වල බීමත්ව නොසිටි බවට රස පරීක්ෂක වාර්තාවක් : රියැදුරු බලපත්‍රය අත්හිටුවයි

T

The Leader Desk

December 20, 2025 • 4:14 AM

රන්වල බීමත්ව නොසිටි බවට රස පරීක්ෂක වාර්තාවක් : රියැදුරු බලපත්‍රය අත්හිටුවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහුගේ රුධිර සහ මුත්‍රා සාම්පලවලට අදාළව සිදුකළ පරික්ෂණයේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී නොමැති බවය.
  • හෙයියන්තුඩුව, දෙනිමුල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරට අදාළව ඇප මත මුදා හැර සිටින ජාතික ජන බලවේගයේ බියගම ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කතානායක අසෝක රන්වලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඊයේ (19) නියෝග කළේය.
  • මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (19) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
  • මෙහි සැකකරු සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නැතැයි ද සපුගස්කන්ද පොලිසිය ඊයේ (19) අධිකරණයට කරුණු වාර්තා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහුගේ රුධිර සහ මුත්‍රා සාම්පලවලට අදාළව සිදුකළ පරික්ෂණයේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී නොමැති බවය.

අධිකරණයේදී මොකද වුනේ ...

හෙයියන්තුඩුව, දෙනිමුල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරට අදාළව ඇප මත මුදා හැර සිටින ජාතික ජන බලවේගයේ බියගම ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කතානායක අසෝක රන්වලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඊයේ  (19) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ  (19) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

මෙහි සැකකරු සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නැතැයි ද සපුගස්කන්ද පොලිසිය ඊයේ (19) අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම රිය අනතුරට සම්බන්ධ වාහන තුනක රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පිළිබද වෛද්‍ය වාර්තාවක් ලබා ගැනිම සඳහා අධිකරණ වෛද්‍යවරුන් විසින් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කළ ඔවුන්ගේ රුධිර හා මුත්‍රා සාම්පල්වල වෛද්‍ය වාර්තා තවම ලැබි නැතැයි මෙහිදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල තවදුරටත් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම් දීම නිසා එම නඩුව ලබන ජනවාරි මස 16 වැනි දින යළි කැඳවීමට අධිකරණයෙන් නියෝග කළේය.

සපුගස්කන්ද පොලිසිය මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 12 වැනිදා මහර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කොළඹ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජානකි පෙරේරා එදිනම පස්වරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණ එහි නේවාසිකව ප්‍රතිකාර ලැබූ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරිනු ලැබිය.


මේ නඩුව කැඳවු අවස්ථාවේ සපුගස්කන්ද පොලිසියේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සඳහන් කළා.

“මේ රිය අනතුරින් එකම පවුලේ මව, මාස හතක් පමණ වයසැති දරුවා හා දරුවාගේ මිත්තනිය තුවාල ලැබුවා. එහිදි තුවාල ලැබු තිදෙනා කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් වුනා. පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට හා කුඩා දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඈතළත් කළා. මේ වනවිට මව හා දරුවා රෝහලින් පිටවි නිවෙසට පැමිණ තිබෙනවා. නමුත් මිත්තනිය තවම කොළඹ ජාතික රෝහලේ අංක 73 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද තවම කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මේ රිය අනතුරු ජාලයට සම්බන්ධ ජීප්රථය, මෝටර් රථය හා යතුරු පැදිය පැදවු රියදුරන් තිදෙනාගේ වෛද්‍ය වාර්තා ඔවුන් ප්‍රතිකාර ලැබූ රාගම මහා රෝහලේ හා කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනවා. එහි බීමත්ව නොසිටි බවට සදහන් වී තිබෙනවා. නමුත් මත්ද්‍රව්‍ය සම්බන්ධව ඔවුන්ගේ වැඩිදුර වෛද්‍ය වාර්තා ලබා ගැනීම සදහා ලේ හා මුත්‍රා සාම්පල් අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන් විසින් රජයේ රස පරික්ෂකවරයාට යොමු කර තිබෙනවා. එහි වෛද්‍ය වාර්තා තවම ලැබි නැහැ. ඒවා ලැබුණු විට අධිකරණයට ඉදිරිපත් කරනවා.

ජීප් රථයේ තිරංගවල දුර්වලතාවයක් පවතින බවට එය පරික්ෂාවට ලක් කළ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරයා වාර්තා කර තිබෙනවා. ඒ සම්බන්ධව වැඩිදුර වාර්තාවක් ද අද දින අධිකරණයට ඉදිරිපත් කරනවා. තවද ජීප්රථය පැදවු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

අනතුරට පත්වු මෝටර් රථයේ අලාභය ගැන තක්සේරු වාර්තාවක් කැඳවීමට අවසරය ලබා දෙන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේ රිය අනතුරට සම්බන්ධ රියැදුරන් තිදෙනා සම්බන්ධව විමර්ශන කරනවා. මෙහි වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන් විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සඳහන් කළා.

“දැන් තම සේවාදායකයා ඇප මත සිටින්නේ. තවමත් ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ නිසා ඔහුට අද දින අධිකරණයට පැමිණිමට නොහැකි වි තිබෙනවා. නමුත් ඔහු රෝහලින් පිටවු වහාම අධිකරණයට ඉදිරිපත් වෙනවා.

සානුකම්පිත දීමනාව ප්‍රතික්ෂේප කරයි

මේ රිය අනතුරින් තුවාල ලැබු තිදෙනෙකු සිටිනවා. මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන්නේ මිත්තනිය පමණයි. ඒ නිසා අපි තුවාලකරුවන් තිදෙනා වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් ඔවුන් කැමති නම් ලබා දීමට කැමැත්තෙන් සිටිනවා. ඒ අනුව රෝහලේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන මිත්තනියට රුපියල් පනස් දහසක් ද සෙසු දෙදෙනාට රුපියල් විසිපන් දහස බැගින් මුදලක් දීමට කැමැතියි.”

මේ අවස්ථාවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පැමිණ සිටි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මිත්තනියගේ සැමියා වන ඩී.යු.පී. අතුකෝරල යන අය එවැනි දීමනාවක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා.

මෙහිදි දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙසේ ප්‍රකාශ කළා.

“මේ අවස්ථාවේ වන්දි ලබා දෙන්නට බැහැ. එය කළ හැකි වන්නේ අධිකරණයේ නඩුව අවසානයේයි. නමුත් සානුකම්පිත දීමනාවක් අගතියට පත් පාර්ශවයට දෙන්නට පුලුවන්. නමුත් එය භාර ගන්නට කැමති ද අකමැති ද යන්න ඒ අය සතු වෙනවා. සැකකරු රෝහලින් පිටවු පසු ජාතික ප්‍රවාහන වෛද්‍ය සභාවට ඉදිරිපත් කොට යෝග්‍යගතා වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කරනවා.”

එහි දී වැඩිදුර විභාගය ලබන ජනවාරි මස 16 වන දිනට කල් තැබුවා.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ජී.සුරවීරගේ උපදෙස් අනුව එහි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයවීර දිසානායක, නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන්වරුන් වන චමින්ද ( 478 ) , තිලකරත්න ( 36589 ) හා පොලිස් කොස්තාපල් ජයසිංහ ( 103658 ) යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවු අතර සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥවරුන් වන අකලංග උක්වත්ත, ලාල් කුමාරපේලි හා දේශාල් පෝල් අධිකරණයේ පෙනී සිටියේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...