ඔහු මෙම අදහස් පළ කළේ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැළැක්ව වීමේ පනතක මුවාවෙන් ගෙන එනු ලබන මර්දනකාරී පනතේ භයානකකම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ජන අරගල සන්ධානය ඊයේ (19 ) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් පළ කළ දුමින්ද නාගමුව...
රනිල් වික්‍රමසිංහලා ATA නමින් අරගෙන ආවෙ මේ පනතම යි
"ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ආවෙ ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන නීති අහෝසි කරනවා කියන පොරොන්දුව එක්ක. හැබැයි දැන් ඒ පොරොන්දු කුණු බක්කියට දාලා ආණ්ඩුව මර්දන නීති තවදුරත් ශක්තිමත් කරන වැඩපිළිවෙළක තමයි ගමන් කරමින් ඉන්නේ. ඒ වැඩපිළිවෙළේ දිගුවක් විදිහට පසුගිය කාලයක් තිස්සේ විලි රුදාවෙන් දඟලලා දඟලලා දැන් ආණ්ඩුව නයි පැටියෙක් වදලා තියනවා. ඒ නයි පැටියා තමයි ආණ්ඩුව අලුතෙන් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. දැන් පැටියෙක් වගේ පෙනුනට හෙට අනිද්දට ලොකු මහත් වුනාම මේ නයි පැටියා දෂ්ට කරන්නේ මේ සමාජයට.
ආණ්ඩුව කඩිනමින් ගෙනල්ලා සම්මත කරගන්න සූදානම් වෙන ත්‍රස්ත පනත කියන්නේ අලුත් එකක් නෙවෙයි. මීට කලින් රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා පවා මේ පනත සම්මත කරගන්න විවිධ උත්සාහ ගත්තා. රනිල් වික්‍රමසිංහලා ATA නමින් අරගෙන ආවෙ මේ පනතම තමයි. දැන් මේ ආණ්ඩුවත් කිසිම වෙනසක් නැතුව පිටකවරේ විතරක් මාරු කරලා ඒ තක්කඩි පනතම අරගෙන එනවා. මේක ඉතාම භයානක තත්වයක්.
විජේවීර ඇතුළු 60,000ක් මැරුවෙත් මේ පනත පාවිච්චි කරලා
අපි දේශපානලන ව්‍යාපාරයක් විදිහට දිගින් දිගටම කිව්වේ PTA එහෙම නැත්තම් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වහාම අහෝසි කළ යුතුයි කියලා. ඒකට හේතුව තමයි මේ පනතෙන් පොලීසියට හමුදාව අසීමිත බලයක් පවරලා තියනවා. සාමාන්‍ය ධනේශ්වර නීතියට අනුව පුද්ගලයින් රඳවා තබා ගන්නවද නැද්ද කියලා තීරණය කිරීමේ බලය තිබුණේ අධිකරණයට. හැබැයි මේ PTA පනතෙන් ඒ බලය ලබා දුන්නා ජනාධිපතිවරයාට, දේශපානලන අධිකාරියට සහ පොලීසියට.

අපි දන්නවා මේ පනත පාවිච්චි කරල තමයි 80 දශකයේ දී උතුරේ තරුණයන්ව පැහැරගෙන ගිහින් මැරුවේ. ඒ වගේම 88 - 89 කාලේ ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු 60,000ක් මරලා දැම්මේ මේ පනත පාවිච්චි කරලා. දැන් ඒ ජනතා විමුක්ති පෙරමුණේ උරුමයක් එක්ක ආව ජාතික ජන බලවේග ආණ්ඩුව කිසිම හිරිකිතයක් නැතුව ලෑස්ති වෙන්නේ ඒ මර්දන නීති තවත් ශක්තිමත් කරන්න. අපි දැක්කා පාස්කු ප්‍රාහාරයේ මුවාවෙන් මේ රටේ මුස්ලිම් තරුණයන් අරගෙන ගිහිල්ලා වසර ගණං රඳවගෙන ඉන්නේ මේ පනත පාවිච්චි කරලා. ඒ වගේම 2022 අරගලය වෙලාවේ වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හාමුදුරුවො ඇතුළු අරගලකරුවන් පැහරගෙන ගිහිල්ලා මාස ගණන් තියාගත්තේ මේ පනත පාවිච්චි කරල.
ගොඩක් කාලෙක ඉඳන් මේ රටේ පාලකයන්ට ඕන වෙලා තිබුණා මේ මර්දන නීති තවත් ශක්තිමත් කරගන්න. නමුත් ඒ සියලු උත්සාහ මේ රටේ ජනතාව පරාජය කළා. එදා රනිල් වික්‍රමසිංහට, රාජපක්ෂලාට කරගන්න බැරි වුණ ඒ දේ තමයි ජාතික ජන බලවේගයේ සීල් එක ගහලා මේ දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ආණ්ඩුව, මර්දන දත් උල් කරන්න සූදානම් වෙනවා
මේ පනත නම් කරලා තියෙන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියලා. පනතේ ත්‍රස්තවාදීන් කියන එක අර්ථ දක්වලා තියෙන්නේ ආණ්ඩුවට යම් දෙයක් කිරීමට හෝ නොකිරීමට බල කරනව නම් ඒක ත්‍රස්ත ක්‍රියාවක් කියලා. එතකොට මේ කියන්නේ ආණ්ඩුව කරන ඕන දෙයක් ඇස් කන් පියාගෙන බලාගෙන ඉන්න කියලා. ඒවට විරුද්ධව හඬ නැගුවොත් ත්‍රස්තවාදියෙක් කියලා අල්ලගෙන යනවා. අපි පසුගිය කාලේ උද්ඝෝෂණයක හිටියා ඉන්දියාව එක්ක අත්සන් කරපු ජනතාද්‍රෝහී ගිවිසුම් හකුළගන්න කියලා. ඒ වගේම අපි කිව්වා පසුගිය කාලේ ජපානය එක්ක අත්සන් කරපු ගිවිසුම වහාම හෙළි කරන්න කියලා. දැන් මේ පනතට අනුව එහෙම කරන එක ත්‍රස්ත ක්‍රියා ගොඩට තමයි වැටෙන්නේ.

මේ රටේ මිනිස්සු IMF වැඩපිළිවෙළ එපා කිව්වොත්, බඩුමිල, විදුලිබිල අඩු කරන්න කිව්වොත් ඒ කියන අයට ත්‍රස්තවාදී ලේබලය අලවලා කට වහන්න තමයි ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ. රනිල්ලා රාජපක්ෂලා දිගින් දිගටම උත්සහ කලේ මෙන්න මේ කියන මර්දන නීති සම්මත කරගන්න තමයි. එදා PTA පනත ගෙනාවම ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු ඒකට විරුද්ධව සටන් කළා. රනිල් වික්‍රමසිංහලා ATA ගේන වෙලාවෙත් හරිණිලා, විජිතලා පවා අධිකරණයට ගියා. හැබැයි අද ලැජ්ජාවක් නැතුවම මර්දන දත් උල් කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා.
මේ මර්දන පනත වහාම හකුළා ගන්න
මේ ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ මෙවැනි ජනතාද්‍රෝහී පනතක් සම්මත කරන්න. මේ රටේ යම් අපරාධයක් ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වුණොත් ඒවට ක්‍රියාත්මක වෙන්න දැනටමත් තියන සාමාන්‍යෙ නීති ප්‍රමාණවත්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ මර්දන පනත හකුළගන්න ඕන. අපි මේවෙලාවේ රටේ ජනතාවටත් කියනවා මෙවැනි අත්තනෝමතික මර්දන නීති සම්මත කරන්න ඉඩ තියන්න එපා. මේ සූදානම් වෙන්නේ ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරගන්න. මේ සූදානම් වෙන්නේ ඔබේ නිදහස කොල්ල කන්න. ඒ නිසා වහාම මේ සියලු මර්දන නීති අහෝසි කරනකල් සඨන් කරමු කියලා අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා.''

(සටහන - ජයසිරි අලවත්ත)
සබැඳි ලිපියක් :
පරණ වයින් අලුත් බෝතලයක: ආණ්ඩුවේ 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත'