ඊයේ (20) රාත්‍රියේදී කළ මෙම පහරදීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටියි.
පසුගියදා සූරියකන්ද පොලිසිය මගින් සිදුකළ ගංජා වැටලීමට මෙම පහරකෑමට ලක්ව සිටි පොලිස් නිලධාරියාද සහභාගී වී ඇත.
අදාළ ගංජා වැටලීම සිදුකර ඇත්තේ මෙම පහරදීම සිදුකළ මන්ත්‍රීවරයාගේ මාමාණ්ඩියට අයත් ඉඩමක බව පැවසේ.
මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් වාහනයකින් පැමිණ තමන්ට "තෝ මරනවා" යනුවෙන් ප්‍රකාශ කරමින් පහරදුන් බව පොලිස් නිලධාරියා සඳහන් කරයි.
මන්ත්‍රීවරයාගෙනුත් පොලිසියට පැමිණිල්ලක්
එමෙන්ම ජාතික ජනබලවේග මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයාද මෙම පොලිස් නිලධාරියා සම්බන්ධව පොලීසියට පැමිණිලි කර ඇති බවද වාර්තා වේ.
සූරියකන්ද පොලීසිය මගින් පසුගිය 16 දා සවස සූරියකන්ද බුලුතොට, වැලිආර ප්‍රදේශයේ මඤ්ඤොක්කා සහ බඩ ඉරිඟු වගාවක් තුළ වගා කර තිබූ අඩි එකහමාර සහ අඩියක ප්‍රමාණයේ ගංජා පැළ සමග එම ප්‍රදේශයේම විසිහතර හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ගංජා පැළ සමඟ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේත්‍රාත් දිලුම් යූ. ප්‍රනාන්දු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට රුපියල් තුන්දහසක දඩයක් අධිකරණය විසින් නියම කරනු ලැබීය.
ජාතික ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර ගේ බිරිඳගේ පියාට අයත් බව පැවසෙන මෙම ඉඩමේ අදාළ සැකකරුට වගාවන් සිදු කිරීම සඳහා ලබා දී ඇති බවත් වාර්තා වේ.
මෙලෙස අධිකරණය දඩ නියම කරනු ලැබුවේ සූරියකන්ද, බුලුතොට, තලගහවත්ත පදිංචි 24 හැවිරිදි තරුණයෙකුටය.
( adaderana)
ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රීගෙන් ප්‍රහාරයක් !
T
The Leader Desk
December 21, 2025 • 5:42 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඊයේ (20) රාත්‍රියේදී කළ මෙම පහරදීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටියි.
- පසුගියදා සූරියකන්ද පොලිසිය මගින් සිදුකළ ගංජා වැටලීමට මෙම පහරකෑමට ලක්ව සිටි පොලිස් නිලධාරියාද සහභාගී වී ඇත.
- අදාළ ගංජා වැටලීම සිදුකර ඇත්තේ මෙම පහරදීම සිදුකළ මන්ත්‍රීවරයාගේ මාමාණ්ඩියට අයත් ඉඩමක බව පැවසේ.
- මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් වාහනයකින් පැමිණ තමන්ට "තෝ මරනවා" යනුවෙන් ප්‍රකාශ කරමින් පහරදුන් බව පොලිස් නිලධාරියා සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



