වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, වරාය නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ අමාත්‍යාංශ ලේකම්වරයාද මෙම සාකච්ඡාව සඳහා එක්ව තිබුණි.
මේ වන විට බහාලුම් 8000ක් පමණ නිෂ්කාශන කටයුතු සඳහා යොමු කිරීමට ඇති අතර වරාය අධිකාරිය විසින් මෑතකදී ස්ථාපිත කරන ලද බ්ලූමැන්ඩල් අංගනයට අඩු අවදානම් බහාලුම් යොමු කර රේගු දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ නිෂ්කාශන කටයුතු වේගවත් කරලීමට සාකච්ඡාවේදී තීරණය කරන ලදී.
අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට මේ සඳහා පූර්ණ අවධානය යොමු කිරීමට උපදෙස් ලබා දුන් අතර දින හතරකින් එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට තවත් සාකච්ඡාවක් ද පැවැත්වීමට තීරණය කළේය.
මේ සඳහා අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් ලෙස ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ පර්යන්ත ක්‍රියාකාරීන්, ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර, සභාපති අද්මිරාල් සිරි මෙවන් රණසිංහ ද එක්ව තිබුණි.




