The Leader News
BREAKING
Top Ad
පුවත්

නාය ගිය තැන් නිරීක්ෂණයට ඉතාලියෙන්, ප්‍රංශයෙන් සහ චීනෙන් ඇවිත්

T

The Leader Desk

December 21, 2025 • 6:19 PM

 නාය ගිය තැන් නිරීක්ෂණයට ඉතාලියෙන්, ප්‍රංශයෙන් සහ චීනෙන් ඇවිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට විදේශ විශේෂඥ භූ-විද්‍යාඥයන් කණ්ඩායම් තුනක් පැමිණ ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
  • ඉතාලිය, ප්‍රංශය හා චීනය යන රටවලින් මෙම භූ විද්‍යාඥ කණ්ඩායම් මෙරටට පැමිණ ඇතැයි ඔහු කීය.
  • ඒ අනුව, ආපදා තත්ත්වයත් සමග නාය යෑමට ලක් වූ ස්ථානවල බෑවුම් ප්‍රදේශවල නාය යෑම් පෙර සලකුණු වශයෙන් පැල්මට, ඉරිතැළීමකට ලක්ව ඇති ප්‍රදේශ ඩ්‍රෝන තාක්ෂණය යොදා ගෙන මූලික අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
  • මෙම අධ්‍යයන කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු දේශීය විශේෂඥයන්ගේ සහායෙන් සිදු කෙරෙන්නේ යැයි ද ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වන විට විදේශ විශේෂඥ භූ-විද්‍යාඥයන් කණ්ඩායම් තුනක් පැමිණ ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඉතාලිය, ප්‍රංශය හා චීනය යන රටවලින් මෙම භූ විද්‍යාඥ කණ්ඩායම් මෙරටට පැමිණ ඇතැයි ඔහු කීය.

ඒ අනුව, ආපදා තත්ත්වයත් සමග නාය යෑමට ලක් වූ ස්ථානවල බෑවුම් ප්‍රදේශවල නාය යෑම් පෙර සලකුණු වශයෙන් පැල්මට, ඉරිතැළීමකට ලක්ව ඇති ප්‍රදේශ ඩ්‍රෝන තාක්ෂණය යොදා ගෙන මූලික අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

මෙම අධ්‍යයන කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු දේශීය විශේෂඥයන්ගේ සහායෙන් සිදු කෙරෙන්නේ යැයි ද ඔහු පැවසීය.

ඉරි තැළීමට, පැළීමට ලක්ව ඇති කඳු බෑවුම්වල සිදුවන හානිය අවම කිරීමට ඉන්ජිනේරු ක්‍රම භාවිත කිරීමේ හැකියාව පිළිබඳව මෙම අධ්‍යයන කටයුතුවලින් සොයා බලන බව ඔහු සඳහන් කළේ ය.

නාය යෑමට ලක් වූ හා එහි බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ ඩ්‍රෝන තාක්ෂණයෙන් ඡායාරූප ගත කර ඒ ලබාගන්නා ඡායාරූප මගින් අධ්‍යයන කටයුතු සිදු කෙරෙනු ඇත.

විදේශීය විශේෂඥයන්ගේ පරීක්ෂණවලට අමතරව දේශීය භූ විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන්ගෙන් සමන්විත කණ්ඩායම් ගණනාවක් කරගෙන යන පර්යේෂණ කටයුතු අඛණ්ඩව සිදු වෙමින් පවතින බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.

බරපතළ ගණයේ නාය යෑම් සිදුව තිබෙන මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය, කුරුණෑගල හා  සබරගමුව පළාතට අයත් නාය යෑමට හා එම තර්ජනයට ලක් වූ ප්‍රදේශ විදේශ විශේෂඥයන්ගේ නිරීක්ෂණයට බඳුන් කෙරේ.

( mawbima | Anura Balasooriya)


සබැඳි ලිපියක් :

ලංකාවේ සමස්ත භූමියෙන් සියයට 30ක් නාය යෑමේ අවධානමක


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නාය ගිය තැන් නිරීක්ෂණයට ඉතාලියෙන්, ප්‍රංශයෙන් සහ චීනෙන් ඇවිත් | The Leader