The Leader News
BREAKING
Top Ad
පුවත්

නාකොටික් සියලුම නිලධාරීන්ගේ වත්කම් බැරකම් පරීක්ෂාවට

T

The Leader Desk

December 22, 2025 • 6:23 AM

නාකොටික් සියලුම නිලධාරීන්ගේ වත්කම් බැරකම් පරීක්ෂාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන කාර්යංශය මගින් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
  • එසේම යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට ඇතුළු වී එහි තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදීමේ සිද්ධීයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
  • අංක 57කින් එම පද්ධතියට ඇතුළුවී ඇති අතර එම තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණවී ඇත.
  • එවැනි පසුබිමක පසුගිය කාලයේදී අදාළ තොරතුරු විමර්ශන නිලධාරීන්ට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්ව ඇති බවත් ඒ අනුව ගමන් මාර්ග හා බෝට්ටු වෙනස් කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමෙන් මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් අඩාළ වී ඇති බවත් අනාවරණය වී තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන කාර්යංශය මගින් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එසේම යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට ඇතුළු වී එහි තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදීමේ සිද්ධීයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

 

මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරන බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය මගින් නිරීක්ෂණය කරන අතර විවිධ අයි.පී. අංක 57කින් එම පද්ධතියට ඇතුළුවී ඇති අතර එම තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණවී ඇත.

 

මත්ද්‍රව්‍ය තොග රැගත් බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලබන VMS පරීක්ෂාව මගින් පසුගිය කාලයේදී අවස්ථා රැසකදී මහ පරිමාණයෙන් මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොග පිටින් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හා නාවික හමුදාවට හැකිව තිබුණි.

එවැනි පසුබිමක පසුගිය කාලයේදී අදාළ තොරතුරු විමර්ශන නිලධාරීන්ට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්ව ඇති බවත් ඒ අනුව ගමන් මාර්ග හා බෝට්ටු වෙනස් කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමෙන් මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් අඩාළ වී ඇති බවත් අනාවරණය වී තිබිණි.

මෙම පද්ධතිය මගින් අදාළ VMS පරීක්ෂාවට ඇතුළුවීම සඳහා බාහිර පාර්ශ්වයන්ට නොහැකිවන පරිදි එහි රහස් අංක වෙනස්කර ඒවා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා අධ්‍යක්ෂවරයාට පමණක් ලබාදී ඇතැයි වාර්තා වේ.

පසුගිය කාලයේ අදාළ පද්ධතියට ඇතුළුවීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බහුතරයකට හැකියාව ලැබී ඇති බවත් ඒ අනුව රහසිගත තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්ව ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

 

ඇතැම් දූෂිත නිලධාරින්ගෙන් තොරතුරු ලබා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නාවික හමුදාවේ යාත්‍රා ස්ථානගතකර ඇති ස්ථාන මගහැර දිවයිනට මත්ද්‍රව්‍ය රැගෙනවිත් ඇති බවට සැකකරන බවත් මත් ජාවාරම්කරුවන් හා සම්බන්ධතා පැවැත්වූ බවට අනාවරණය වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් පස්දෙනකු ද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

 

එම නිලධාරින් පස් දෙනාම පසුගිය කාලයේ නිසිපරිදි සිය රාජකාරී ඉටුකර නොමැති බවත් මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ඔවුන් සක්‍රීය දායකත්වය ලබාදී නොමැති බවත් අනාවරණය වී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 400ක අධික සංඛ්‍යාවක් සේවය කරන අතර ඉන් 20කට අධික පිරිසකගේ වත්කම් බැරකම් වාර්තා මේ වනවිටත් ලැබී ඇත.

ඒ අතර සැකසහිත ලෙස වත්කම් බැරකම් ඇති නිලධාරීන් වෙතොත් වහාම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ඉවත් කරන බව උසස් නිලධාරියකු සඳහන් කර සිටියේය.

එමෙන්ම ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වැරැදිකරුවන් වුවහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද එම නිලධාරියා සඳහන් කළේය..

ඉදිරියේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නවක නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඔවුන්ගේ පසුවිපරම් වාර්තා හා වත්කම් බැරකම් පිළිබඳ වාර්තාවක් ලබාගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බවත් පොලිස් ආරංචිමාර්ග කියා සිටියි.

( aruna | නයෝමි කරුණාසිංහ)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නාකොටික් සියලුම නිලධාරීන්ගේ වත්කම් බැරකම් පරීක්ෂාවට | The Leader