ආපදාවට පත්වූ මෙරට ජනතාව වෙනුවෙන් ඉන්දියාව ආරම්භ කළ සාගර බන්දු මෙහෙයුමේ තවත් පියවරක් සනිටුහන් කිරීම, ජයශංකර්ගේ සංචාරයේ තවත් අරමුණක් බව රජයේ ආරංචිමාර්ග පවසයි.
මේ අතර, චීනයේ, ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලේජි, දෙදින නිල සංචාරයක් සදහා හෙට දිවයිනට පැමිණීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ආපදාවට ලක් වූ මෙරට ජනතාවට උපකාර කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම සදහා තවත් දූත පිරිසක් සමග ඔහු දිවයිනට පැමිණෙන බවයි.
ෂාඕ ලේජි, චීන ජනාධිපති සහ අගමැතිගෙන් පසු, එරට ආණ්ඩුවේ තුන්වැනි ප්‍රබලතම සාමාජිකයායි.




