The Leader News
BREAKING
Top Ad
පුවත්

අගමැතිනියගේ ප්‍රකාශයට 'සාධාරණ සමාජයක්' සහය පළවේ

T

The Leader Desk

December 23, 2025 • 8:45 AM

අගමැතිනියගේ ප්‍රකාශයට 'සාධාරණ සමාජයක්' සහය පළවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
  • ජනතා පරමාධිපත්‍ය සහතික කරන, රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය උපරිම අන්දමින් ස්ථාවර කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පෙනී සිටියේ 2012 වසරේ සිට ය.
  • එවන් ස්ථාවරයකට එළැඹෙමින් අප සංවිධානය ආරම්භ කරන ලද්දේ එක් පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් නොව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අවහිර කරන සහ යහපත් දේශපාලන සංස්කෘතියකට විධායක ජනාධිපති ක්‍රමයෙන් ඇති කරන බාධා සැළකිල්ලට ගෙන ය.
  • වසරේ සිටම රටක් ලෙස ශ්‍රී ලංකාව තනි පුද්ගල ආධිපත්‍යයකට නතුවීමේ ආදීනව මැනවින් දැක ඇත්තෙමු.
අකුරු ප්‍රමාණය (Font Size):


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී සහතික වීම පිළිබඳව අතිශයින්ම සතුටට පත්වන බවත්, එමෙන් ම රජයේ එම ක්‍රියාමාර්ගයට සුබ පතන අතරම සංවිධානයක් ලෙස තම සංවිධානයේ උපරිම සහාය ද පළ කරන බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ලේකම්, සුනිල් ජයසේකර ගේ අත්සනින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

 

ජනතා පරමාධිපත්‍ය සහතික කරන, රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය උපරිම අන්දමින් ස්ථාවර කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පෙනී සිටියේ 2012 වසරේ සිට ය. එවන් ස්ථාවරයකට එළැඹෙමින් අප සංවිධානය ආරම්භ කරන ලද්දේ එක් පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් නොව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අවහිර කරන සහ යහපත් දේශපාලන සංස්කෘතියකට විධායක ජනාධිපති ක්‍රමයෙන් ඇති කරන බාධා සැළකිල්ලට ගෙන ය.

 

1978 වසරේ සිටම රටක් ලෙස ශ්‍රී ලංකාව තනි පුද්ගල ආධිපත්‍යයකට නතුවීමේ ආදීනව මැනවින් දැක ඇත්තෙමු. එවන් තනි පුද්ගල ආධිපත්‍යයක් නිර්මාණය කරන ආණ්ඩුක්‍රමයකදි ඒ් වටා එක්වන මහජන වරමින් පරිබාහිර වූ කණ්ඩායම් එම බලය අපයෝජනය කරන ආකාරය ද තේරුම්ගෙන ඇත්තෙමු. එයට අමතරව ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට විධායකය විසින් සිදු කර ඇති බලපෑම් මෙන් ම ඇතැම් තර්ජනයන් ද අවබෝධ කරගෙන සිටින්නෙමු.

එවන් අවාසනාවන්ත තත්ත්වයන් අවම කිරීමට නම් ඉන්දියාව හා මහා බ්‍රිතාන්‍ය වැනි ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන බලවත් රටවල් පවා ක්‍රියාත්මක කරන ආකාරයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නා වූ ආණ්ඩුක්‍රමයක් වෙත යොමු විය යුතුව ඇති බව අවබෝධ කරගෙන සිටින අප සාමුහික එකඟත්වයන්ට උපරිම අවස්ථාවන් සළසන කැබිනට් ආණ්ඩුක්‍රමයක් බලාත්මක වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

ඒ සමඟම මේ මොහොතේ දි අප අවධාරණය කරන තවත් එක් වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වා දීමේ ක්‍රියාවලියේ දි රටේ ජනතාව නියෝජනය කරන සියළුම පාර්ශ්වයන්හි දායකත්වය හා සහභාගිත්වය ලබාගැනීම ඉතාමත්ම අත්‍යාවශ්‍ය වන බව ය. එහිදි පසුගිය පාලන සමයකදි ඉදිරිපත් කළ ලාල් විජේනායක කමිටුවේ වාර්තාව ද ඉහළින්ම දායක කරගත හැකි ය.

එවැනි ප්‍රජාතන්ත්‍රවාදි, බහු පාර්ශ්වීය ප්‍රවේශයකට අනුගතව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන ක්‍රියාවලියක් වර්තමාන රජය විසින් ඉදිරියට ගන්නේ නම්  එයට සහය ලබාදීම සඳහා අප සංවිධානය ද ඇතුළුව සිවිල් සමාජ ව්‍යාපාරය ද පෙරට එන බවට සහතික කල හැකි වන අතර එවැනි පිලිවෙතකට රජය යොමු වන්නේ නම් එය ගරු ජනාධිපතිතුමා වෙත මෙන් ම රජය වෙත ද විශාල ගෞරවයක් වන බවද සඳහන් කරනු කැමැත්තෙමු.

සුනිල් ජයසේකර
මහලේකම්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
2025.12.22 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...