The Leader News
BREAKING
Top Ad
පුවත්

පළාත් පාලන ආයතනයක අයවැය පරාජයෙන් පසුව සිදුවන්නේ කුමක් ද?

T

The Leader Desk

December 23, 2025 • 3:22 PM

පළාත් පාලන ආයතනයක අයවැය පරාජයෙන් පසුව සිදුවන්නේ කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණයෙන් ජය ලබා වසරක් ගත වන්නටත් මත්තෙන් පළාත් පාලන ආයතන රැසක පළමු අයවැය පරාජයට පත්ව ඇත.
  • ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර, ගාල්ල වැනි මහ නගර සභා පමණක් නොවන ආසන්න ම පළාත් පාලන ආයතනය ලෙස කොළඹ මහ නගර සභාවේ අයවැය ද ඔවුන් ඊයේ (22) පරාජයට පත්විය.
  • කොළඹ නගර සභා අයවැය විවාදයේදී අයවැයට පක්ෂව ඡන්ද 57ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60ක් ලබා දෙමින් අයවැය පරාජය කිරීමට විපක්ෂය සමත් විය.
  • මෙසේ කොළඹ මහ නගර සභාවේ අයවැය ඊයේ (22) පරාජයට පත්වීම මාලිමා ආණ්ඩුවේ සුවිශේෂ දේශපාලනික සංදිස්ථානයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණයෙන් ජය ලබා වසරක් ගත වන්නටත් මත්තෙන් පළාත් පාලන ආයතන රැසක පළමු අයවැය පරාජයට පත්ව ඇත.

ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර, ගාල්ල වැනි මහ නගර සභා පමණක් නොවන ආසන්න ම පළාත් පාලන ආයතනය ලෙස කොළඹ මහ නගර සභාවේ අයවැය ද ඔවුන් ඊයේ (22) පරාජයට පත්විය.

කොළඹ නගර සභා අයවැය විවාදයේදී අයවැයට පක්ෂව ඡන්ද 57ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60ක් ලබා දෙමින් අයවැය පරාජය කිරීමට විපක්ෂය සමත් විය. ඒ අනුව, කොළඹ මහ නගර සභාවේ පළමු අයවැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත් විය.

මෙසේ කොළඹ මහ නගර සභාවේ අයවැය ඊයේ (22) පරාජයට පත්වීම මාලිමා ආණ්ඩුවේ සුවිශේෂ දේශපාලනික සංදිස්ථානයකි.

කොළඹ මහ නරග සභාවේ බලය යනු ඕනෑ ම රජයකට තීරණාත්මක සාධකයකි. එය තම බලය විදහා දැක්වීමේ සංඛේතයකි.

'වසර 2ක් යනතුරු බාධාවක් නැහැ'

කෙසේවුවද කොළඹ අයවැය හෝ පරිපූරක අයවැයන් පරාජය වුවද පවත්නා පළාත් පාලන නීතිමය තත්ත්වය අනුව වත්මන් පුරපතිනී ව්‍රායි කැලී බල්තසාර්ට සිය ධූර කාලයෙන් වසර දෙකක් යනතුරු බාධාවකින් තොරව කටයුතු කිරීමට අවස්ථාව පවතී.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති, Mahinda Deshapriya සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.


පහත සඳහන් පළාත්පාලන ආයතනවල ප්‍රථම අය වැය පරාජයවීමේ නිසා කුමක් වන්නේදැයි මගෙන් විමසන මිතුරන් වෙතය

බලපිටිය ප්‍රාදේශීය සභා (මාලිමා ) ගාල්ල /කොළඹ ම.න.ස  ( මාලිමා )

මෙම තත්ත්වය කඩුගන්නාව නගර සභාවටද අදාළය...

මේ සභා ඒවායේ සභික සංඛ්‍යාවෙන් ඒකාන්ත බහුතරය හෝ අවම වශයෙන් 50% නොමැතිව සභාවේ ප්‍රධානියා සභිකයන්ගේ රහස් (හෝ විවෘත) බහුතර ඡන්දයෙන් (හෝ ඡන්ද සමාන වූවිට කුසපත් ඇදීමෙන්) පුරපති හෝ සභාපති තෝරා ගත් ඒවාවේ.


මෙවැනි ඕනෑම සභාවක ප්‍රථම වාර්ෂික අයවැය හෙවත් 2026 සඳහා ඉදිරිපත් කරන අය වැය පරාද වූ විට සතිදෙකක් තුළ නැවතත් අයවැය ඉදිරිපත් කර සම්මත කර ගැනීමේ ප්‍රයත්නයක් දැරිය යුතු අතර එය සම්මත වූවත් නොවූවත් ඊළඟ වර්ෂයේ යෝජිත වැඩ එලෙස ක්‍රියාත්මක කළ හැක.


එමෙන්ම 2026 අවසානයේදි 2027 සඳහා ඉදිරිපත් කරන අය වැය සම්මත වූවද නොවූවද එසේම 2027 දිද කටයුතු කළ කළ හැකිය.

 2027 අවසානයේදී 2028 සඳහා ඉදිරිපත් කරන අය වැය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් තනතුර හොබවන පුරපති / සභාපති ඉල්ලා අස්වූවාසේ සලකා සභිකයන්ගේ එකඟතාවයෙන් සභිකයන් අතුරින් නව පුරපතිවරයකු / සභාපතිවරයකු  තෝරා පත් කර ගතයුතු අතර ඔහු ඉදිරිපත් කරන අය වැය සම්මත නොවුවහොත් සභාව කොමසාරිස් පාලනයට නතුවනු ඇත.

දැනට ධුරය දරන පුරපති හෝ සභාපතිගේ තනතුර අහෝසිවීමට හේතු වන්නේ, ඉල්ලා අස්වීමෙන්, මියයෑමෙන් / පක්ෂශේ සාමාජිකවය අහෝසිකිරීමෙන් / සභිකත්වයට නුසුදුස්සකු වීමෙ (උදා- අල්ලස් චෝදනා/ මැතිවරණ නීතියේ සඳහන් වැරදි  සඳහා වැරදි කරුවකුවීම, අධිකරණය විසින් වසර දෙකකට වැඩිකලකට බන්ධනාගාරගත කලහොත් ,...... ,  විෂමාචාර / අනීතික ක්‍රියා සම්බන්ධයෙන් පළාත් සභාවෙන් පත්කරන කොමිසමකින් ධුරය අහෝසි කළහොත්  ......... යනාදිය මතය .

එබැවින් අය වැය සම්මත නොවීමෙන් පමණක් ධුර වෙනස්නොවේ.

පළාත්පාලන ආයතන ප්‍රධානීන්‍, සභිකයන්ගේ විශ්වාස භංග යෝජනා මඟින් ඉවත් කිරීමට ප්‍රතිපාදන නොමැත.
dst454

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...