The Leader News
BREAKING
Top Ad
පුවත්

මෝදිගෙන් ලංකාවට සහතිකයක්

T

The Leader Desk

December 24, 2025 • 3:40 AM

මෝදිගෙන් ලංකාවට සහතිකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයශංකර් විසින් රැගෙන එන ලද එම විශේෂ ලිපියෙහි මෙසේද සඳහන්ය.
  • ජයශංකර් මහතා මගේ විශේෂ නියෝජිතයා ලෙස එවමි අපගේ 'අසල්වැසියා පළමුව' ප්‍රතිපත්තිය සහ 'පළමු ප්‍රතිචාරකයා' යන කැපවීමට අනුකූලව, ක්ෂණික අභියෝගවලට මුහුණ දීම සඳහා අපි සාගර් බන්ධු මෙහෙයුම ක්‍රියාත්මක කළෙමු.
  • 'සාගර් බන්ධු මෙහෙයුම' ශ්‍රී ලංකාවේ බොහෝ ජීවිත ස්පර්ශ කළ අතර එය අපගේ ගැඹුරු බැඳීමේ ප්‍රකාශනයක් ලෙස පුළුල් ලෙස වටහා ගැනීම ගැන අපි සතුටු වෙමු.
  • ශ්‍රී ලංකාව දැන් ඊළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසදායක සහකරුවෙකු සහ ගෞරවනීය මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවට මම ඔබට සහතික වෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයශංකර් විසින් රැගෙන එන ලද එම විශේෂ ලිපියෙහි මෙසේද සඳහන්ය.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානියෙන් ඔබේ ජාතිය යථා තත්ත්වයට පත්වෙමින් සිටින මොහොතක, සහන සහ පුනරුත්ථාපන කටයුතුවලදී ඉන්දියාවට ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මගේ විශේෂ නියෝජිතයා ලෙස එවමි

අපගේ 'අසල්වැසියා පළමුව' ප්‍රතිපත්තිය සහ 'පළමු ප්‍රතිචාරකයා' යන කැපවීමට අනුකූලව, ක්ෂණික අභියෝගවලට මුහුණ දීම සඳහා අපි සාගර් බන්ධු මෙහෙයුම ක්‍රියාත්මක කළෙමු. ඉන්දියානු නැව්, ගුවන් යානා සහ හෙලිකොප්ටර් මගින් සහන සැපයුම් සහ හදිසි ද්‍රව්‍ය ගෙන එන ලදී. වෛද්‍ය හදිසි අවස්ථා හැසිරවීමට සහ තීරණාත්මක සම්බන්ධතා සහ සන්නිවේදනයන් යථා තත්ත්වයට පත් කිරීමට විශේෂිත ඉන්දියානු කණ්ඩායම් සේවයට යොදවන අතරතුර ඔවුන් ඔබගේ සෙවීම් සහ ගලවා ගැනීමේ උත්සාහයන්ට සහාය විය.

 'සාගර් බන්ධු මෙහෙයුම' ශ්‍රී ලංකාවේ බොහෝ ජීවිත ස්පර්ශ කළ අතර එය අපගේ ගැඹුරු බැඳීමේ ප්‍රකාශනයක් ලෙස පුළුල් ලෙස වටහා ගැනීම ගැන අපි සතුටු වෙමු.

ශ්‍රී ලංකාව දැන් ඊළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසදායක සහකරුවෙකු සහ ගෞරවනීය මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවට මම ඔබට සහතික වෙමි. අතීතයේ දී මෙන්, ශ්‍රී ලංකාවේ ජීවිත නැවත ගොඩනැගීම සහ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීමේදී අපි ඔබ සමඟ උරෙන් උර ගැටී සිටිමු. මෙම සන්දර්භය තුළ, ඉන්දියාව පුළුල් ආධාර පැකේජයක් ලබා දෙන බව මම ඔබට දන්වා සිටිමි. මෙම පැකේජය ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව ඔබේ රජය සමඟ සාකච්ඡා කරන ලෙස මම අමාත්‍ය ජය ශංකර්ගෙන් ඉල්ලා සිටිමි.

ශ්‍රී ලංකාව නැවත කිසිදා නොවූ විරූ ලෙස ශක්තිමත්ව නැඟී සිටිනු ඇතැයි මට විශ්වාසයි. එම ගමනේදී සහ ජාතික සංවර්ධනය හා ප්‍රගතියේදී ඉන්දියාව සැම විටම ශ්‍රී ලංකාව සමග සිටිනු ඇත.

අතිගරු ජනාධිපතිතුමනි, මාගේ ඉහළම සැලකිල්ල පිළිබඳ සහතිකය පිළිගන්න.

නරේන්ද්‍ර මෝදී
ඉන්දීය අග්‍රාමාත්‍ය
 india
Screenshot 2025 12 24 090351

ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450ක පැකේජයක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදාවලින් පීඩාවට පත් වූ ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීම සඳහා සහය දීමට ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් යෝජනා කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එරට අගමැතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පණිවිඩයක් රැගෙන දෙසැම්බර් 23 වන මෙරටට පැමිණි අතර ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව කොළඹදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඒ ඔහු බව පැවසීය.

'පළමුව අසල්වැසියා' යන ප්‍රතිපත්තිය අවධාරණය කරන මෙම සංචාරය දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වූ විනාශයට ප්‍රතිචාර ලෙස මෙරටට සහය දක්වමින් ඉන්දියාව ක්‍රියාත්මක කළ 'සාගර් බන්ධු මෙහෙයුම යන සන්දර්භය තුළ සිදුවූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...