The Leader News
BREAKING
Top Ad
පුවත්

තම අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සුදානම් බව චීනය කියයි

T

The Leader Desk

December 24, 2025 • 4:09 AM

තම අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සුදානම් බව චීනය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන නියෝජිත පිරිසක් සමඟ මෙරට සංචාරයක නිරත Wang Junzheng ඊයේ (23) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.
  • එමඟින් දෙරට අතර දිගුකාලීන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
  • ජන ජීවිතය යථා තතත්වයට ගෙන ඒම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් ආරම්භ කර ඇති ‘Rebuilding Sri Lanka’වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් චීන නියෝජිත පිරිස දැනුවත් කළේය.
  • රජයේ ප්‍රමුඛ වැඩසටහන් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහ අල්ලස හා දූෂණය පිටුදැකීමේ වැඩසටහනට සහාය ලබා දෙන බවත්, විශේෂයෙන් ග්‍රාමීය දිළිඳු බව පිටුදැකීමේදී චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


චීන නියෝජිත පිරිසක් සමඟ මෙරට සංචාරයක නිරත Wang Junzheng ඊයේ (23) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

ආපදාව හමුවේ චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් හදිසි සහ මානුෂීය ආධාර පිළිබඳව මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අතනොහැර යළි ගොඩනැඟීම වෙනුවෙන් ලබා දෙන අඛණ්ඩ සහාය ඇගයීමට ලක් කළේය. එමඟින් දෙරට අතර  දිගුකාලීන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජන ජීවිතය යථා තතත්වයට ගෙන ඒම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් ආරම්භ කර ඇති ‘Rebuilding Sri Lanka’වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් චීන නියෝජිත පිරිස දැනුවත් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ පසුගිය  චීන නිල සංචාරයේදී දෙරටේ ජනාධිපතිවරු අතර ඇති කරගත් අවබෝධතාව සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සහයෝගීතාවෙන් කටයුතු කරන බව පැවසූ Wang Junzheng, චීන රජයේ සහාය ඇතිව දැනට ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සහාය ලබා දෙන බව සඳහන් කළේය.

රජයේ ප්‍රමුඛ වැඩසටහන් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහ අල්ලස හා දූෂණය පිටුදැකීමේ වැඩසටහනට සහාය ලබා දෙන බවත්, විශේෂයෙන් ග්‍රාමීය දිළිඳු බව පිටුදැකීමේදී චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong,  චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Peng Xiubin, Xizang කලාපයේ රාජ්‍ය විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් Bao Ting, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Wang Siqi  සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


china meeting

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...