මුහුදුබඩපත්තුව ප්‍රාදේශිය සභාවේ ලෙස සභාපති ලෙස කටයුතු කළ එස්.ලෝගේෂ්වරන් එම සභාපතිධූරයෙන් 2025 නොවැම්බර් 25 වැනිදා ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව සභාපති තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසුම පැවැත්විණි.
ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කළ ඉමක්කුලෙට්ට්‍රා පුෂ්පානන්දන්, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයෙන් තෝම්මේපුල්ලේ බබුල්රාජ් සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් එම්.ජොන්සන් මෝහනරාජා යන තිදෙනාගෙ නම් යෝජනාවූ අතර සභාපතිවරයෙක් තෝරාගැනීම සඳහා සභිකයන් විසින් රහස් ඡන්දයක් ඉල්ලා සිටියහ.
රහස් ජන්දයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරන ඉමක්කුලෙට්ට්‍රා පුෂ්පානන්දන් ජන්ද 14 ක් ලබාගෙන නව සභාපතිනිය ලෙස තේරීපත්විය.
( lankadeepa - සිතුම් චතුරංග)




