The Leader News
BREAKING
Top Ad
පුවත්

යාපනයේ තැන් පහක සමූහ මිනී වලවල් ගැන පොලිසියෙන් උසාවියට වාර්තාවක්

T

The Leader Desk

December 24, 2025 • 10:17 AM

යාපනයේ තැන් පහක සමූහ මිනී වලවල් ගැන පොලිසියෙන් උසාවියට වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනය පොලිසිය 2025 දෙසැම්බර් 17 වැනිදා කයිට්ස් මහේස්ත්‍රාත් නලිනි සුබාස්කරන් වෙත එම වාර්තාව බාර දෙමින් දැනුම් දී ඇත්තේ තව දුරටත් පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය අතර කැනීම් කටයුතු සිදු කළ යුතු ස්ථාන සම්බන්ධයෙන් ද තව දුරටත් සොයා බැලිය යුතු බවයි.
  • එයට අනුමැතිය ලබා දුන් කයිට්ස් මහේස්ත්‍රාත් නලිනි සුබාස්කරන් නඩුව 2026 මාර්තු 31 වැනිදාට කල් තබා තිබේ.
  • එයට අදාලව කයිට්ස් පොලීසිය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුව 2025 සැප්තැම්බර් 17 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුනේ එම ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට තරම් නිලධාරීන් පිරිසක් සහ පහසුකම් සිය පොලිස්ථානය සතුව නොමැති බවයි.
  • වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් 2025 අගෝස්තු 20 වැනිදා හෙළි කර තිබුනේ යාපනයේ, මන්ඩතීව් වතු ඉඩමේ ළිඳක පමණක් මළ සිරුරු හැටකට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අත් අකුරින් ලියා  2025 දෙසැම්බර් 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර තිබු එම වාර්තාව යතුරු ලියනය කර එහි මුද්‍රිත පිටපතක් දෙසැම්බර් 17 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දෙසැම්බර් 16 වැනිදා කයිට්ස් මහේස්ත්‍රාත්වරිය යාපනය දිස්ත්‍රික් අපරාධ නිවාරණ කොට්ඨාසයට නියෝග කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
යාපනය පොලිසිය 2025 දෙසැම්බර් 17 වැනිදා කයිට්ස් මහේස්ත්‍රාත් නලිනි සුබාස්කරන් වෙත එම වාර්තාව බාර දෙමින් දැනුම් දී ඇත්තේ තව දුරටත් පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය අතර කැනීම් කටයුතු සිදු කළ යුතු ස්ථාන සම්බන්ධයෙන් ද තව දුරටත් සොයා බැලිය යුතු බවයි.
 
එයට අනුමැතිය ලබා දුන් කයිට්ස් මහේස්ත්‍රාත් නලිනි සුබාස්කරන් නඩුව 2026 මාර්තු 31 වැනිදාට කල් තබා තිබේ.
 
තිස් පස් වසරකට ඉහතදී  අතුරුදහන් කරන ලද සිය ඥාතීන් වල දමා ඇති කයිට්ස්, අරාලි හන්දිය, මන්කුම්බාන් ගණ දෙවි කෝවිල අසල, අල්ලෙයිපිට්ටි සහ මණ්ඩතිව් යන ස්ථාන පහේ කැනීම් සිදුකර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස වින්දිත පවුල්වල සාමාජිකයන් කයිට්ස් පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබුනේ 2025 අගෝස්තු මාසයේදීය.
 
එයට අදාලව කයිට්ස් පොලීසිය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුව 2025 සැප්තැම්බර් 17 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ පොලීසිය අධිකරණයට දැනුම් දී  තිබුනේ එම ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට තරම් නිලධාරීන් පිරිසක් සහ පහසුකම් සිය පොලිස්ථානය සතුව නොමැති බවයි.
 
එක ළිඳක සිරුරු හැටක්
මණ්ඩතිව් 01
 
කයිට්ස්, අරාලි හන්දිය, මන්කුම්බාන් ගණ දෙවි කෝවිල අසල, අල්ලෙයිපිට්ටි  සහ මණ්ඩතිව් යන ස්ථාන පහේ වල දමා තිබෙන බවට විශ්වාස කෙරන තිස් පස් වසරකට ඉහත දී අතුරුදහන් කරන ලද සිය ඥාතීන් දෙමළ ජනයා මුල්ම වතාවට 2025  අගෝස්තු 26 වැනි අඟහරුවාදා මලින් පහනින් අනුස්මරණය කිරීමට කටයුතු කර තිබුනි.
 
වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් 2025 අගෝස්තු 20 වැනිදා හෙළි කර තිබුනේ යාපනයේ,  මන්ඩතීව් වතු ඉඩමේ ළිඳක පමණක් මළ සිරුරු හැටකට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බවයි.
 
මන්ඩතීව් ළිද සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  ශිවඥානම් ශ්‍රී ධරන් 2025  ජුලි මාසයේදී පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කරන මොහොතේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර එය ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුනේ ඒ සම්බන්ධයෙන් පොලිස් පැමිනිල්ලක්, විශ්වාස කළ හැකි තොරතුරක් හෝ අධිකරණ නියෝගයක් නොමැතිව  ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවයි.
 
ඒ ළිඳේ දමා ඇති බවට විශ්වාස කෙරෙන සිරුරු සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකාරියක් තවමත් ජීවතුන් අතර සිටින බව වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් අගෝස්තු 20 වැනිදා වැඩි දුරටත්  හෙළි කර තිබුනි.
 
තිස් පස් වසරකට ඉහතදී රජයේ හමුදා විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක් ගැන සිහිපත් කළ ස්වාමිනාදන් පිරකලාදන් එහිදී අවධාරණය කර තිබුනේ එදින හමුදා විසින් සිය භාරයට ගත් අය අතුරින් 84 දෙනකුට අත් වු ඉරණම සම්බන්ධයෙන් මේ තාක් කිසිදු තොරතුරක් නොමැති බවයි.
 
හමුදාව සිය භාරයට ගත් අයගෙන් පිරිසක්  ඝාතනය කර ළිංවලට දැමු බව ස්වාමිනාදන් පිරකලාදන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා එදින තව දුරටත්  හෙළි කර තිබුනි.
 
තම දරුවා ඇතුළු 84 දෙනකු මණ්ඩතිව් වලදී අතුරුදහන් කරවීම සහ ඔවුන්ට යුක්තිය ලබා දෙන ලෙස ඉල්ලමින් මණ්ඩතිව් තුන් වැනි කලාපයේ පදිංචි සුසයිදාස් ජේසුරත්නම් ධර්මරානි මාතාව 2025 අප්‍රේල් මස 30 වැනිදා  ජනාධිපතිට අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කර තිබු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...