The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ක්‍රියාකලාපය නිදහස් මාධ්‍යයේ පැවැත්මට තර්ජනයක් : හිරුගෙන් පොලිසියට පිළිතුරක්

T

The Leader Desk

December 24, 2025 • 4:16 PM

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ක්‍රියාකලාපය නිදහස් මාධ්‍යයේ පැවැත්මට තර්ජනයක් : හිරුගෙන් පොලිසියට පිළිතුරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස් නිලධාරියාට ප්‍රහාරයක් එල්ල වීම ගැන පළවූ පුවතට අදාළව හිරු ටීවී වෙත එවන ලද ලිපිය මගින්, ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව හිරු ටීවී මගින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත යවන ලද පිළිතුරු ලිපිය මගින් දැඩිව කර ඇත.
  • අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය විසින්ම පටිගත කරන ලද සාක්ෂියක්, හිරු ටීවී මගින් වාර්තා කරන තෙක්ම පොලිසිය ඒ පිළිබඳව කිසිවක් රටට අනාවරණය නොකළ බව ද එම පිළිතුරු ලිපියෙහි සඳහන් කර තිබේ.
  • පොලිසිය හිතා මතාම එම ප්‍රබල සාක්ෂිය අධිකරණයට හෝ මාධ්‍ය වෙත, අනාවරණය නොකළේ ඇයිදැයි යන්න තේරුම් ගත නොහැකි බවද හිරු ටීවී නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තරංග ජයකොඩිගේ අත්සනින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත යවන පිළිතුරු ලිපිය මගින් තවදුරටත් අවධාරණය කර ඇත.
  • එමෙන්ම සූරියකන්ද පොලිසියේ කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි කරන ලද පැමිණිලි සහ ප්‍රකාශ අනුව ඔහුට සිදු වූ පහර දීම සහ ගංජා පැල වැටලීම අතර සම්බන්ධයක් පවතින බව ද එම පිළිතුරු ලිපියෙහි සඳහන් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පොලිස් නිලධාරියාට ප්‍රහාරයක් එල්ල වීම ගැන පළවූ පුවතට අදාළව හිරු ටීවී වෙත එවන ලද ලිපිය මගින්, ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව හිරු ටීවී මගින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත යවන ලද පිළිතුරු ලිපිය මගින් දැඩිව කර ඇත.

අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය විසින්ම පටිගත කරන ලද සාක්ෂියක්, හිරු ටීවී මගින් වාර්තා කරන තෙක්ම පොලිසිය ඒ පිළිබඳව කිසිවක් රටට අනාවරණය නොකළ බව ද එම පිළිතුරු ලිපියෙහි සඳහන් කර තිබේ.

පොලිසිය හිතා මතාම එම ප්‍රබල සාක්ෂිය අධිකරණයට හෝ මාධ්‍ය වෙත, අනාවරණය නොකළේ ඇයිදැයි යන්න තේරුම් ගත නොහැකි බවද හිරු ටීවී නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තරංග ජයකොඩිගේ අත්සනින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත යවන පිළිතුරු ලිපිය මගින් තවදුරටත් අවධාරණය කර ඇත.

එමෙන්ම සූරියකන්ද පොලිසියේ කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි කරන ලද පැමිණිලි සහ ප්‍රකාශ අනුව ඔහුට සිදු වූ පහර දීම සහ ගංජා පැල වැටලීම අතර සම්බන්ධයක් පවතින බව ද එම පිළිතුරු ලිපියෙහි සඳහන් වෙයි.

පොලිස් විමර්ශනවලදී එවැනි සම්බන්ධයක් අනාවරණ වී නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය එවන ලද ලිපියේ සඳහන් වුවද, එවැනි සබඳතාවක් ඇති බව තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි සහ මූලාශ්‍ර ඕනෑවටත් වඩා තමන් සතුව පවතින නිසා පොලිස් මාධ්‍ය කොට්ඨාසය හිරු ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දරණ ස්ථාවරය තරයේ ප්‍රතික්ෂේප කරන බවද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

අපරාධයක් සම්බන්ධයෙන් පොලිසියම ලබා ගත් ප්‍රබල සාක්ෂියක් හිරු ටීවී රටට වාර්තා කළේ, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරමින් බවද එම පිළිතුරු ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

fgye5656

 

මේක වැරදි කොනෙන් අල්ලා ගැනීමක් | Ranga Kalansooriya

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ අදහස් පලවී තිබේ. ඒ අතරින් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයකු වූ ආචාර්ය රංග කලන්සුරිය සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් මතු පළවේ.

''මේක වැරදි කොනෙන් අල්ලා ගැනීමක්. රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලීසියටවත් මේ ක්‍රියාදාමය ගැන අබමල් රේණුවකවත් දැනීමක් නැති බව පේනවා. TRC එකේ වගකීම මාධ්‍ය ආයතනවල අන්තර්ගතය ගැන හොයන එක නෙමෙයි. ඒ අයට ඒ ගැන කිසි දැනුමක් හැකියාවක් නැහැ. ඒ අය දන්නෙ සංඛ්‍යාත නියාමනය කරමින් තාක්ෂණික ගැටලු විසඳීම පමණයි. දැනට තියෙන නීතියට අනුව ටෙලිවිෂන් හෝ රේඩියෝ ආයතනයකින් වරදක් කරලානං  පැමිණිලි කරන්න ඕනෙ ජනමාධ්‍ය අමාත්‍යාංශයට. මොකද බලපත්‍ර කොන්දේසි නිකුත් කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්. බලපත්‍ර කොන්දේසි කඩකරලා කියලා තියෙන පැමිණිල්ලක් තමයි  විභාග කරන්න පුලුවන්.  හරි ක්‍රමයට නං එවැනි පැමිණිල්ලක් ලැබුණාම අමාත්‍යාංශය විසින් අපක්ෂපාතීව පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුවයි ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. මේකෙ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා, පොලීසිය වටේ යනවා. අනේ මන්දා.......''

vgurt7 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ක්‍රියාකලාපය නිදහස් මාධ්‍යයේ පැවැත්මට තර්ජනයක් : හිරුගෙන් පොලිසියට පිළිතුරක් | The Leader