මුල්ම විශ්වාසභංගය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ට එරෙහිව ලබන 18 වැනිදා කතානායකවරයාට බාරදීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා පැවසීය.
එම විශ්වාසභංගයට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීම 17 වැනිදා ආරම්භ කරන බව පැවසූ මන්ත්‍රීවරයා, විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කරගෙන යන බවද සඳහන් කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩා වැටීම පදනම් කරගෙන අගමැතිනියට එරෙහිවද පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීම සහ විවිධ දූෂණ චෝදනා පදනම් කරගෙන කතානායකවරයාට එරෙහිවද විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පැවසීය.
කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට සාධාරණ කාලයක් ලබා නොදෙන නරක තත්ත්වයක් පවතින බව ඔහු සඳහන් කළේය.
කරයි.
(lankadeepa | සුජිත් හේවාජුලිගේ )




