මේ සඳහා පොදු සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා ලියවිල්ලක් මේ දිනවල සකස් කරගෙන යන බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජීඑල්.පී.රිස් පැවසීය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය දැඩි අවදානමකට ලක්ව ඇති හෙයින් මෙවැනි පොදු වැඩ පිළිවෙලක අවශ්‍යතාව අද තදින්ම දැනී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
විපක්ෂයේ දේශපාලන පක්ෂවල ඒකාබද්ධතාවයෙන් සුසැදී ''මහජන හඬ'' සංවිධානයේ නියෝජිතයන් විසින් සර්වජන බලය පක්ෂයේ නියෝජිතයන් සමග ද මෙම වැඩපිළිවෙළ පිළිබඳව පසුගියදා දීර්ඝව සාකච්ඡා කර තිබේ.
මේ අනුව ඊට සහයෝගය දීමට දිලිත් ජයවීර ප්‍රමුඛ සර්ව ජන බලය පක්ෂය තීරණය කර ඇත.
( lankalokaya | අසේල පෙරේරා)




