The Leader News
BREAKING
Top Ad
පුවත්

පොහොර ප්‍රතිපත්තියේ අර්බුදය නිසා කෘෂිකාර්මික අර්බුදයක් ඇති වීමේ අවදානමක් !

T

The Leader Desk

March 15, 2026 • 4:21 PM

 පොහොර ප්‍රතිපත්තියේ අර්බුදය නිසා කෘෂිකාර්මික අර්බුදයක් ඇති වීමේ අවදානමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇති විය හැකි බවත් ඒ නිසා කෘෂිකර්මාන්තය බරපතල අවදානමකට යනු ඇති බවත් වෘත්තීය සමිති අනතුරු අඟවයි.
  • ප්‍රමාණවත් පොහොර තිබෙන බවට බලධාරීන් කරන ප්‍රකාශ නිවැරදි නොවන බවත් ඒ නිසා ආහාර නිෂ්පාදනය අස්ථාවර වනු ඇති බවත් මෙම වෘත්තීය සමිති පෙන්වාදෙයි.
  • රජයේ මෙම ප්‍රකාශ නිසා පොහොර හිඟයක් ඇතිවනු ඇතැයි ද ඔවුහු කියති.
  • යූරියා ඇතුළු රසායනික පොහොර, සහ එවැනි පොහොර වර්ග දීර්ඝ කාලයක් තබාගැනීමේදී විද්‍යාත්මක වශයෙන් සීමා මායිම් ඇති වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒවා සැලකිල්ලට ගෙන නැති බවත් හෙතෙම කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇති විය හැකි බවත් ඒ නිසා කෘෂිකර්මාන්තය බරපතල අවදානමකට යනු ඇති බවත් වෘත්තීය සමිති අනතුරු අඟවයි.

ප්‍රමාණවත් පොහොර තිබෙන බවට බලධාරීන් කරන ප්‍රකාශ නිවැරදි නොවන බවත් ඒ නිසා ආහාර නිෂ්පාදනය අස්ථාවර වනු ඇති බවත් මෙම වෘත්තීය සමිති පෙන්වාදෙයි. රජයේ මෙම ප්‍රකාශ නිසා පොහොර හිඟයක් ඇතිවනු ඇතැයි ද ඔවුහු කියති.

වසර දෙකකට ප්‍රමාණවත් පරිදි පොහොර තිබෙන බවට කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න කරන ප්‍රකාශ අභියෝගයට ලක් කරන බවත් ඒවා නොමඟ යවන ප්‍රකාශ බවත් සඳහන් කරන ''ජාතික ගොවිජන එකමුතුවේ'' සභාපති අනුරාධ තෙන්නකෝන්, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශ විද්‍යාත්මක වශයෙන් තිබෙන සීමා මායිම් නොසලකා හැරීමක් යැයි ඉකුත් දා චෝදනා කළේ ය.

යූරියා ඇතුළු රසායනික පොහොර, සහ එවැනි පොහොර වර්ග දීර්ඝ කාලයක් තබාගැනීමේදී විද්‍යාත්මක වශයෙන් සීමා මායිම් ඇති වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒවා සැලකිල්ලට ගෙන නැති බවත් හෙතෙම කීය.

“ගොඩක් කල් යූරියා තියාගන්න බැහැ. කාලයක් යද්දි මේවාට තෙතමනය උරාගන්නවා. මිශ්‍ර වෙනවා. ඒ නිසා මේවායේ රසායනික සංයුතිය වෙනස් වෙනවා,” යැයි ඔහු කීවේ ය. එම නිසා දැනට තිබෙන පොහොර තොගයෙන් දීර්ඝකාලීන කෘෂිකාර්මික ස්ථාවරත්වය තහවුරු කළ නොහැකි යැයි ද ඔහු පැවැසීය.

ශ්‍රී ලංකාවේ පොහොර සැපයුම් දාමයට අදාළවත්, මේ කටයුතුවලට අදාළවත් රාජ්‍ය ආයතනය කිහිපයක් තිබෙන නමුත්, මේ ක්‍රියාවලිය තුළත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළත් අර්බුද ගණනාවක් තිබෙන බවත් ඔහු පැවැසීය.


ශ්‍රී ලංකාවට, රුසියාව වැනි විකල්ප සැපයුම්කරුවන්ගෙන් අඩු මිලට පොහොර ලබාගැනීමට හැකි වුවත්, බොහෝ අවස්ථාවලදී ටෙන්ඩර් ලබාදෙන්නේ වැඩි මිලට පොහොර ගෙන්වන පෞද්ගලික ආනයනකරුවන්ට යැයි ද තෙන්නකෝන් කීය. මැද පෙරදිග ගැටුම් උත්සන්න වුවහොත් මෙම අර්බුද තවදුරටත් තීව්‍ර වනු ඇතැයි ද හෙතෙම තවදුරටත් කීවේ ය.


මුලාශ්‍රය :

Fertiliser Policy Confusion Threatens Sri Lanka’s Next Agricultural Crisis


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...