මෙයට ආසන්නතම හේතුව වී ඇත්තේ රටේ සමස්ත බලශක්ති සැපයුම තීරණය කරන ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැවැන්ත අර්බුදයකට ලක්ව තිබීමයි.
විදුලිය යනු හුදෙක් පරිභෝජන භාණ්ඩයක් නොව, සෞඛ්‍යය, කර්මාන්ත සහ ජාතික ස්ථාවරත්වය පවත්වාගෙන යන රුධිර නාලිකාවයි.
එහෙත්, රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වලතා, අදූරදර්ශී තීරණ සහ ගෝලීය වෙළෙඳපොළ අර්බුද හමුවේ, ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය මේ වනවිට පවතින්නේ අතිශය අවදානම් සහගත තත්ත්වයකය.
ටෙන්ඩර් උගුල සහ ජාත්‍යන්තරයේ විශ්වාසය බිඳවැටීම
දැනට රට තුළ පවතින ගල් අඟුරු තොග ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින අතර, පවතින තොග ද ප්‍රමිතියෙන් තොර බාල වර්ගයේ ඒවා වීම බරපතල ගැටලුවකි.
ප්‍රායෝගික නොවන කොන්දේසි
වඩාත් කණගාටුදායක කරුණ නම්, අඩුම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ මීට පෙර ද බාල ගල් අඟුරු සැපයූ සහ නියමිත කාලයට නැව් එවීමට අපොහොසත් වූ පැරණි සැපයුම්කරුම වීමයි. ටෙන්ඩරය අවසන් වූ පසු ඔවුන් මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 20ක අමතර මුදලක් ඉල්ලා සිටීමෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ජාතියේ අසරණභාවය තම මූල්‍යමය වාසියට හරවා ගනිමින් සිටින බවයි.
අනතුරුදායක විකල්ප සහ ප්‍රසම්පාදන අන්ධභාවය
• TARANJOT Resources (Pvt) Ltd:
වාර්තා වන අන්දමට මෙම සමාගම මේ වන විටත් බංකොලොත්භාවය (insolvency) සම්බන්ධ නෛතික ක්‍රියාවලියකට මුහුණ දෙමින් සිටී.
• A2A Trading FZE:
ශ්‍රී ලංකාවට ගල් අඟුරු සපයා කිසිදු පූර්ව අත්දැකීමක් නොමැති සමාගමකි.
ගල් අඟුරු මෙහෙයුම් යනු අතිශය සංකීර්ණ සහ තාක්ෂණික ක්‍රියාවලියකි. මෙවැනි අත්දැකීම් රහිත හෝ මූල්‍ය අස්ථාවරත්වයක් ඇති සමාගම් වෙත ජාතික බලශක්ති සුරක්ෂිතතාවයේ වගකීම පැවරීම සමස්ත රටම අනතුරේ හෙළීමකි.
ගෝලීය බලශක්ති අර්බුදයේ බලපෑම
මෙම අර්බුදය දේශීය කළමනාකරණ දුර්වලතාවයක් පමණක් නොවේ; එය වත්මන් ගෝලීය ආර්ථික තත්ත්වයන්ගේ ද ගොදුරකි.
* භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් යුරෝපය ද්‍රවිකෘත ස්වභාවික වායු (LNG) වෙනුවට යළිත් ගල් අඟුරු වෙත යොමුවෙමින් සිටීම.
* ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 200 සීමාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කිරීම.
* නැව් ගාස්තු සහ සාගර රක්ෂණ වාරික (Insurance premiums) අසාමාන්‍ය ලෙස ඉහළ යාම.
මෙවැනි තීරණාත්මක ගෝලීය වටපිටාවක් තුළ, ශක්තිමත් සහ විශ්වාසදායී සැපයුම්කරුවන් නොමැතිව ශ්‍රී ලංකාවට මෙම දැවැන්ත තරගකාරීත්වයට මුහුණ දිය නොහැක.
කාලය සමග සටන: තීරණාත්මක දින 5ක්
* මැයි මස මුල් සතියේ නිරිතදිග මෝසම ආරම්භ වීමට පෙර ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු අවසන් කළ යුතුව ඇත (මෝසම් කාලයේදී රළු මුහුද හේතුවෙන් ගොඩබෑම කළ නොහැක). අ
* අප්‍රේල් 10 වනදා වන විට නැව් පැමිණීමට නම්, අනිවාර්යයෙන්ම මාර්තු 20 වනදාට පෙර මෙම ටෙන්ඩරය ප්‍රදානය කළ යුතුය. අද (මාර්තු 15) සිට ගණනය කළ විට ඒ සඳහා ඉතිරිව ඇත්තේ තවත් දින 5ක් වැනි අතිශය කෙටි කාලයකි.
අමාත්‍ය මණ්ඩලයේ වගකීම
(සටහන | එස්. සුරියආරච්චි)




