The Leader News
BREAKING
Top Ad
පුවත්

බලශක්තිය ඉතිරි කර ගන්න සිව් දින රාජකාරි සතියක්

T

The Leader Desk

March 16, 2026 • 4:15 AM

බලශක්තිය ඉතිරි කර ගන්න සිව් දින රාජකාරි සතියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට අදාළ විශේෂ සාකච්ඡාවක්⁣ අද (16 දා) සවස 3.00 ට ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
  • මේ සඳහා සහභාගී වන ලෙස රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මේ වන විටත් දැනුම් දී ඇති බව සඳහන්ය.
  • එම රැස්වීමේදී අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය යෝජනා සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත් කරන ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දන්වා ඇත .
  • නිවසේ සිට වැඩ කිරීම ගැනත් සාකච්ඡා මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවරයන් පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර නිවසේ සිට රාජකාරී සිදු කිරීම වැනි විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව ද එහිදී සාකච්ජාවට ලක්විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊට අදාළ විශේෂ සාකච්ඡාවක්⁣ අද (16 දා) සවස 3.00 ට ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ. මේ සඳහා සහභාගී වන ලෙස රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මේ වන විටත් දැනුම් දී ඇති බව සඳහන්ය.

එම රැස්වීමේදී අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය යෝජනා සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත් කරන ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දන්වා ඇත .

එසේම අදාළ සාකච්ඡාවේදී දින හතරේ වැඩ සතියක් ක්‍රියාත්මක කිරීම සමිබන්ධව තීරණයක් ගැනීමට නියමිත බැවින් ඒ සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කරන මෙන්ද දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියම කර තිබේ.

නිවසේ සිට වැඩ කිරීම ගැනත් සාකච්ඡා

මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවරයන් පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ  (15) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර නිවසේ සිට රාජකාරී සිදු කිරීම වැනි විකල්ප ක්‍රමවේදයන්  පිළිබඳව ද එහිදී සාකච්ජාවට ලක්විය.

මැදපෙරදිග යුද්ධය  හමුවේ ගල්අඟුරු, ගෑස්, තෙල් ආදී බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් සහ එම බාධාවන්ට මුහුණදෙමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් එක් එක් අංශයන්ගෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග හා යෝජිත විකල්ප පිළිබඳ මෙහිදී සමාලෝචනය කෙරිණි.

මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව ලෝකයේ සියලු රටවලට විශාල බලපෑමක් එල්ල කර ඇති බවත් ඊට මුහුණ දීමේදී  ඩිජිටල් කේත ක්‍රමය, නිවසේ සිට රාජකාරී සිදු කිරීම වැනි විකල්ප ක්‍රමවේදයන් නිසි සැලසුමකින් යුතුව ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික ආර්ථිකයට වන බලපෑම අවම කර ගැනීමට හැකි වන බවත් එමෙන්ම මතු වන නව තත්වයන් පිළිබඳ නිරන්තර ජනතාව දැනුවත් කරන විධිමත් සන්නිවේදනයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් මෙහිදී ‍පෙන්වා දෙන ලදී.

ඩිජිටල් කේත ක්‍රමයේ මතු වී ඇති බාදා කඩිනමින් මගහරවාගැනීම

දැනට ක්‍රියාත්මක ඩිජිටල් කේත ක්‍රමය යටතේ මින් පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන්ට මතු වී ඇති බාදා කඩිනමින් මගහරවාගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ මතු වන නව තත්ත්වයන්ට මුහුණ දීමේදි ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය.

මතු වී ඇති නව තත්ත්වය  පසුගිය කොරෝනා සමයේ තත්ත්වයන්ට වෙනස් තත්ත්වයක් බවත් එබැවින් නව තත්ත්වයට ගැලපෙන ලෙස විකල්ප ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමෙන් ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේද බලාත්මක කළ යුතු බවටත් මෙහිදී සාකච්ඡා විය.

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ යාවත්කාලීන වන නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර අධික්ෂණය පවත්වාගෙන යමින් ජාතික ආර්ථිකයට වන හානිය අවම කර ගැනීම සඳහා ගත හැකි විකල්පයන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අවස්ථාව සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, ජනාධිපති ඩිජිටල් ආර්ථික උපදේශක හාන්ස් විජේසූරිය, ජනාධිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාශල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජානක රාජකරුණා, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වූහ.

president meeting 16president meeting 16 2

 


සබැඳි පුවතක් :

මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ බලශක්තිය ඉතිරි කර ගන්න ෆිලිපීනයෙන් සිව් දින රාජකාරි සතියක්

බලශක්ති අර්බුදය හමුවේ බංග්ලාදේශ සරසවි වැසේ !

ඉන්ධනවලට පාලන මිලක් ! - දකුණු කොරියාව පීඩාවට විසඳුම් සොයයි

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...