The Leader News
BREAKING
Top Ad
පුවත්

රනිල් වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට

T

The Leader Desk

March 16, 2026 • 5:26 AM

රනිල් වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු ලබන බදාදා (18) අදාළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
  • අදාළ වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර වලින් අනතුරුව රනිල් වික්‍රමසිංහ සති දෙකක් හෝ තුනක් රෝහල් ගතව විවේකයෙන් සිටිනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
  • රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ තෙදිනක් පමණ මෙරට පෞද්ගලික රෝහලකදී ද වෛද්‍ය පරීක්‍ෂණයකට බඳුන් විය.
  • වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට පෞද්ගලික සංචාරයක් වශයෙන් සහභාගි වෙමින් රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට සූදානමින් සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු ලබන බදාදා (18) අදාළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.

අදාළ වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර වලින් අනතුරුව රනිල් වික්‍රමසිංහ සති දෙකක් හෝ තුනක් රෝහල් ගතව විවේකයෙන් සිටිනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ තෙදිනක් පමණ මෙරට පෞද්ගලික රෝහලකදී ද වෛද්‍ය පරීක්‍ෂණයකට බඳුන් විය.

2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට පෞද්ගලික සංචාරයක් වශයෙන් සහභාගි වෙමින් රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට සූදානමින් සිටී.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් උසාවියේ නඩු කටයුත්තේ මීළග නඩු වාරය අප්‍රේල් 29 වැනි දිනට දී ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...