ආණ්ඩුව ව්‍යාපාරික ක්ෂේත්‍රයට සෘජුව සම්බන්ධ නොවී ඉන්ධන පිරවුම්හල් පුද්ගලික අංශයට ලබාදී වෙළඳපොළ තරඟයක් ඇති කළහොත් ඉන්ධන මිල අඩුවිය හැකි බව ඔවුන් කීවත් එකී පෞද්ගලික අංශය තොග සඟවා ලාබ ඉපැයීමේ අපේක්ෂාවෙන් පසු වී යැයි ඇඩ්වාකාටා සංවිධානයම පවසන්නේ යැයි ඔහු කියයි.
කෙසේ වෙතත්, එම ආයතනය පසුගිය දිනවල පළ කළ අදහස්වලින් පෙන්වා දෙන්නේ කිසිදු සීමාවකින් තොරව වෙළඳපොළට ඉඩ දීමෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබෙන බව යැයි නුවන් බෝපගේ පෙන්වා දෙයි.
පුද්ගලීකරණය සහ වෙළඳපොළ තරඟය මගින් මිල පහළ යාමට ඇතිවූ බලාපොරොත්තු සාර්ථක නොවූ පසුබිමක පවා ආණ්ඩු හිතවාදීන් තවමත් ඇඩ්වකාටා අදහස් සමාජ මාධ්‍යයේ හුවමාරු කරගැනීම හාස්‍යජනක යැයි ද බෝපගේ පවසයි.

(සටහන | ගිම්හාන් ද සිල්වා)




