The Leader News
BREAKING
Top Ad
පුවත්

හම්බන්තොට වන අලි කළමනාකරණ කලාපයට ගැසට්ටුවක් - නීතිපති දැනුම් දෙයි

T

The Leader Desk

March 16, 2026 • 6:04 PM

 හම්බන්තොට වන අලි කළමනාකරණ කලාපයට ගැසට්ටුවක් - නීතිපති දැනුම් දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම වන අලි කළමනාකරණ කලාපය සම්බන්ධයෙන් රෙගුලාසි මාලාවක් සකස් කර ගැසට් කරන ලෙස ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මේ බව දන්වා සිටියාය.
  • අදාළ ගැසට් නිවේදනය මේ වන විට සකස් කර ඇති බවත් අතර එහි පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන බව එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා අධිකරණයට දැනුම් දුන්නාය.
  • පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ, එහිදී කියා සිටියේ එම රෙගුලාසි පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම ට අපේක්ෂා කරන බව ය.
  • ඒ සඳහා කල් ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම වන අලි කළමනාකරණ කලාපය සම්බන්ධයෙන් රෙගුලාසි මාලාවක් සකස් කර ගැසට් කරන ලෙස ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මේ බව දන්වා සිටියාය.

 අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.

 අදාළ ගැසට් නිවේදනය මේ වන විට සකස් කර ඇති බවත් අතර එහි පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන බව එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා අධිකරණයට දැනුම් දුන්නාය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ, එහිදී කියා සිටියේ එම රෙගුලාසි පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම ට අපේක්ෂා කරන බව ය.

 ඒ සඳහා කල් ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නේ ය.

හම්බන්තොට වන අලි කළමනාකරණ කලාපය තුළ සිදු කළ හැකි සහ සිදු කළ නොහැකි කරුණු ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ අදාල ප්‍රදේශවාසීන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

(සටහන | නෙල්කා මැදගෙදර)
අධිකරණ වාර්තාකාරිනී
nelindum41@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...