The Leader News
BREAKING
Top Ad
පුවත්

කිව්.ආර් එන බව මුලින් නොකිව්වේ 'පැනික් බයින්' වලක්වන්න - නි.ඇමැති චතුරංග අබේසිංහ

T

The Leader Desk

March 17, 2026 • 3:59 AM

කිව්.ආර් එන බව මුලින් නොකිව්වේ 'පැනික් බයින්' වලක්වන්න - නි.ඇමැති චතුරංග අබේසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු සඳහන් කරන්නේ 2023 වසරෙන් පසු වාහන හුවමාරු වී ඇති සහ දුරකථන අංක වෙනස් වූ පිරිස පද්ධතියෙන් ඉවත් කිරීම මුලින් සිදු නොකළේද QR ක්‍රමය පැමිණෙන බව ජනතාවට කලින්ම හෙළි නොකිරීමේ අරමුණින් බවයි.
  • ජනතාව එම ක්‍රමය හඳුන්වාදීමට පෙර දැන ගත්තේ නම් සීමිත තෙල් සංචිතය මුළුමනින්ම ගෙවල්වල ගබඩා වීමේ අවදානමක් පැවති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ෆේස්බුක් සටහනක් මගින් පෙන්වා දී ඇත.
  • කිව්.ආර් පද්ධතිය සම්බන්ධයෙන් පසුගිය දිනවල මතුව ඇති විවේචනවලට පිළිතුරු ලෙස කරුණු හයක් යටතේ පැහැදිලි කිරීමක්ද ඔහු සිදු කර තිබේ.
  • ශ්‍රී ලංකාව සංවිධිත ලෙස ඩිජිටල්කරණය වෙමින් පවතින පරිවර්තනීය අවධියක සිටින අතර එය ඉදිරියට ගෙන යාම සඳහා රජය හා තාක්ෂණික විශේෂඥයින් එකට කටයුතු කරන බවද ඔහු පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු සඳහන් කරන්නේ 2023 වසරෙන් පසු වාහන හුවමාරු වී ඇති සහ දුරකථන අංක වෙනස් වූ පිරිස පද්ධතියෙන් ඉවත් කිරීම මුලින් සිදු නොකළේද QR ක්‍රමය පැමිණෙන බව ජනතාවට කලින්ම හෙළි නොකිරීමේ අරමුණින් බවයි.

ජනතාව එම ක්‍රමය හඳුන්වාදීමට පෙර දැන ගත්තේ නම් සීමිත තෙල් සංචිතය මුළුමනින්ම ගෙවල්වල ගබඩා වීමේ අවදානමක් පැවති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ෆේස්බුක් සටහනක් මගින් පෙන්වා දී ඇත.

කිව්.ආර් පද්ධතිය සම්බන්ධයෙන් පසුගිය දිනවල මතුව ඇති විවේචනවලට පිළිතුරු ලෙස කරුණු හයක් යටතේ පැහැදිලි කිරීමක්ද ඔහු සිදු කර තිබේ.

ශ්‍රී ලංකාව සංවිධිත ලෙස ඩිජිටල්කරණය වෙමින් පවතින පරිවර්තනීය අවධියක සිටින අතර එය ඉදිරියට ගෙන යාම සඳහා රජය හා තාක්ෂණික විශේෂඥයින් එකට කටයුතු කරන බවද ඔහු පවසයි.

එමෙන්ම QR පද්ධතිය සංවර්ධනය කිරීමේදී MIT, Dialog සහ ඩිජිටල් අමාත්‍යාංශයේ තාක්ෂණික කණ්ඩායම් දැරූ කාර්යභාරය සඳහා රටක් ලෙස ස්තුතිය පළ කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

පෙර පැවති පද්ධතිය එලෙසම නැවත ක්‍රියාත්මක කිරීම සරල නොවන බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා වාහන හිමිකම් හුවමාරු සහ දුරකථන අංක වෙනස්වීම් වැනි ගැටළු සම්බන්ධයෙන් ප්‍රධාන ගැටළුව මෘදුකාංග සම්බන්ධ නොව පසුබැසි දත්ත පද්ධති සම්බන්ධ ප්‍රශ්නයක් බවද පැහැදිලි කරයි.

ශ්‍රී ලංකාවේ වාහන සම්බන්ධ දත්ත විවිධ ආයතන හා පළාත් මට්ටමින් වෙන්ව පවතින බැවින් එවැනි ගැටළු මතුවන බවද ඔහු සඳහන් කරයි.

එමෙන්ම පැරණි දත්ත මකා අලුතින් ලියාපදිංචි කිරීමක් සිදු කළහොත් මිලියන 8කට අධික පරිශීලකයන් නැවත ලියාපදිංචි කිරීමට සති දෙකක් පමණ ගතවිය හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පද්ධතියට පිවිසීමේදී ඇති වූ බාධා වැඩි පිරිසක් එකවර පිවිසීම හේතුවෙන් ඇති වූ traffic සහ bandwidth ගැටළුවක් බවත් එය තාවකාලික බවත්, පද්ධතිය සඳහා අවශ්‍ය සම්පත් සපයා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

WhatsApp Image 2026 03 17 at 9.14.50 AM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...