වෛද්‍යවරයාගේ කාර්යභාරය අවධාරණය කරමින් ඔහු තවදුරටත් මෙසේද පැවසිය.
''ඔබ දන්නවා ඇම්බියුලන්ස් එකක වුනත් ලයිට් එක හයි කරලා, ඇම්බියුලන්ස් එකට වෙනම ගමන් මාර්ගයක් ලබා දෙන්නේ ඒක අත්‍යවශ්‍ය කාරණයක් හින්දා. ඇම්බියුලන්ස් ඒකේ රෝගියා රෝහලට ගෙනාවාට වැඩක් නැ වෛද්‍යවරයා රෝහලේ නැත්නම්. වෛද්‍යවරයා රෝහලට වේලාවට එන්නට බැරිනම්.
අනිත් එක අනිත් සේවා වගේ නෙමෙයි. මේ රටේ සෞඛ්‍ය සේවා පැය 24ම අපි ඔවුන්ව රැකබලා ගන්න ඕන.. ඔවුන්ට ප්‍රතිකර්ම කරන්න ඕන. හදිස්සියේ ලංකාවේ සිටින ඕනෑම වෛද්‍යවරයෙක් කොළඹට ගෙන්වා ගැනිමේ පහසුකම අපිට ඕනෑම වේලාවක තියෙන්න ඕන.
ඒ වගේම විශේෂඥ සේවාව විතරක් නෙමේ අනිකුත් රසායනාගාර සේවා වෙන්න පුළුවන් අනිකුත් පහසුකම් සපයන්නන් වෙන්න පුළුවන්. ඒ සියළුම සේවාවන්ගේ එකතුවක් තමයි අන්තිමට රෝගියාට ලැබෙන්නේ. ඒක හරියාකාරව එක කාණ්ඩයකට හරි අපිට ලබා දෙන්න බැරි වුනොත් ඒකට වගකිව යුත්තේ කවුරුද කියන එක ඔබටත් මටත් තේරෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙනේනේ ජිවිතෙන් වන්දි ගෙවිම කියන එක ඔබටත් මටත් තේරෙනවා.''
ඉන්ධන සීමා කිරීම තුළින් සෞඛ්‍ය සේවය අඩපණ විය හැකියි
ඉන්ධන සීමා සහිත වීම හේතුවෙන් ඉදිරියේදි රෝහල් පද්ධතිය පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් දැඩි අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඇත.
එමෙන්ම, සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට ප්‍රවාහන පහසුකම්දීම සඳහා වඩා ප්‍රායෝගික විසඳුමක්, පවතින ක්‍රමවේදය තුළ කඩිනමින් ලබා දිය යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.




