The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉරාන ආරක්ෂක ප්‍රධානියා ජීවිතක්ෂයට !

T

The Leader Desk

March 17, 2026 • 12:44 PM

 ඉරාන ආරක්ෂක ප්‍රධානියා ජීවිතක්ෂයට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු ඉරානයේ ආරක්ෂක තීරණ ගන්නා ප්‍රධානතම පුද්ගලයා වූ බැවින්, මෙම මරණය වත්මන් යුද තත්ත්වයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.
  • ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගිය බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල කැට්ස් පැවසුවද මේ පිළිබඳව ඉරානයෙන් කිසිදු තහවුරු කිරීමක් මෙතෙක් සිදු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • අලි ලාරිජානි ඉරානයේ උපරිම ජාතික ආරක්ෂක මණ්ඩලයේ (SNSC) ලේකම්වරයා ලෙස 2025 අගෝස්තු මාසයේදී පත් කර තිබේ.
  • ඔහු ඉරාන ජනාධිපතිවරයාගේ සහ නැසීගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නියෝජිතයෙකු ලෙසද කටයුතු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු ඉරානයේ ආරක්ෂක තීරණ ගන්නා ප්‍රධානතම පුද්ගලයා වූ බැවින්, මෙම මරණය වත්මන් යුද තත්ත්වයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගිය බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල කැට්ස් පැවසුවද මේ පිළිබඳව ඉරානයෙන් කිසිදු තහවුරු කිරීමක් මෙතෙක් සිදු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අලි ලාරිජානි ඉරානයේ උපරිම ජාතික ආරක්ෂක මණ්ඩලයේ (SNSC) ලේකම්වරයා ලෙස 2025 අගෝස්තු මාසයේදී පත් කර තිබේ.

ඔහු ඉරාන ජනාධිපතිවරයාගේ සහ නැසීගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නියෝජිතයෙකු ලෙසද කටයුතු කර ඇත.

ඔහු 2008 සිට 2020 දක්වා වසර 12ක් පුරා ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කළ ප්‍රබල දේශපාලනඥයෙකි.

අලි ලාරිජානි මුලින් දැඩි මතධාරියෙකු ලෙස පෙනී සිටියද, පසුකාලීනව ඔහු "මධ්‍යස්ථ මතධාරී" නායකයෙකු ලෙස හඳුන්වනු ලැබීය.


මුලාශ්‍ර :

Israel says it’s killed Iran’s security chief Larijani and Basij commander

Israel says Iran's security chief Ali Larijani has been killed in strike

Iran’s security chief, Ali Larijani, killed in airstrike, Israel says

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...