The Leader News
BREAKING
Top Ad
පුවත්

ගෑස් සැපයුම ගැන ජනපතිගෙන් සහතිකයක්

T

The Leader Desk

March 18, 2026 • 4:05 AM

ගෑස් සැපයුම ගැන ජනපතිගෙන් සහතිකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (17) රාත්‍රී පැවැති විශේෂ මාධ්‍ය හමුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉදිරි දින දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් 33,000ක් ගෑස් තොග රටට ලැබීමට නියමිත බවය.
  • ඒ අනුව, රට තුළ ගෑස් සැපයුම ස්ථාවර කර ගැනීමට සහ පවතින අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
  • ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ''ගෑස් අර්බුදයක් ඇති වීමේ අනතුර අඩුයි'' ''ගෑස් පිළිබඳව ගතහොත් අපිට මාර්තු මාසයේ ගෑස් අවශ්‍යතාව තිබුණේ මෙට්‍රික් ටොන් 33,000යි.
  • එහෙත් පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩපණ කර තිබෙන නිසා මාර්තු මාසයට අපි 38,000ක් ඇනවුම් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ  (17) රාත්‍රී පැවැති විශේෂ මාධ්‍ය හමුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉදිරි දින දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් 33,000ක් ගෑස් තොග රටට ලැබීමට නියමිත බවය.

ඒ අනුව, රට තුළ ගෑස් සැපයුම ස්ථාවර කර ගැනීමට සහ පවතින අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

''ගෑස් අර්බුදයක් ඇති වීමේ අනතුර අඩුයි''

''ගෑස් පිළිබඳව ගතහොත් අපිට මාර්තු මාසයේ ගෑස් අවශ්‍යතාව තිබුණේ මෙට්‍රික් ටොන් 33,000යි. එහෙත් පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩපණ කර තිබෙන නිසා මාර්තු මාසයට අපි 38,000ක් ඇනවුම් කළා. ඊට අවශ්‍ය වන ගෑස් තමයි අපේ ලිට්‍රෝ සමාගම ආනයනය කරන්නේ. ඒ මෙට්‍රික් ටොන් 38,000ම දැන් ලැබී තිබෙනවා.

සමහර ඒවා වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. සමහර ඒවා දේශීය ගබඩාවල තිබෙනවා. අනෙක් ඒවා මාලදිවයිනේ පාවෙන ගබඩාවල තැන්පත් කර තිබෙනවා. අපි තව ගෑස් නැවක් ඇනවුම් කර තිබෙනවා. ඒ අනුව හෙට හෝ අනිද්දා මෙට්‍රික් ටොන් 33,000ක ගෑස් නැවක් ලැබීමට නියමිතව තිබෙනවා. ඒ නිසා ගෑස් වෙළෙඳපොළෙහි අර්බුදයක් මතු වන්නේ නැහැ.

ඊළඟට ගෑස් සපයන්න තිබෙන්නේ අප්‍රේල් 21-23 කාලයේ. ඒ කාලයේදී ඊළඟ නැව ඔවුන් අපට ලබා දේවි කියල අපට විශ්වාසයක් තිබෙනවා. ගෑස් වෙළෙඳපොළේ අර්බුදයක් ඇති වීමේ අනතුර අඩුයි.

ගෑස්, ගල් අඟුරු සහ ඉන්ධන විශේෂයෙන් ම අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා එම රාජ්‍යයන්ගෙන් ලබා ගැනීමට අපි කටයුතු කරමින් තිබෙනවා. දැන් ඊට අවශ්‍ය වන ලිපි හුවමාරු වෙමින් තිබෙනවා. සමහර ගිවිසුම් පිළිබඳව අපි සාකච්ඡා කරමින් තිබෙනවා. අපේ මිතුරු රාජ්‍යයන්ගෙන් ලබා ගත හැකි සහය පිළිබඳව අපි කල්පනා කරමින් සිටිනවා."

එමෙන් ම, කර්මාන්ත ඇතුළු අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට අවශ්‍ය ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දීර්ඝ ලෙස මාධ්‍යවේදීන් වෙත පැහැදිලි කළේ ය.

අර්බුදය මධ්‍යයේ ජන ජීවිතය පවත්වාගෙන යාමට දැනට ගෙන ඇති පියවර සහ ඉදිරියේදී ගැනීමට නියමිත ක්‍රියාමාර්ග මෙන් ම මෙම අවස්ථාවට සහභාගි වූ මාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්නවලට ද ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිතුරු දුන්නේ ය.


සබැඳි පුවතක් :

 

whatsapp 202507155

fuel 1
fuel 2

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...