The Leader News
BREAKING
Top Ad
පුවත්

සීනි - පරිප්පු ‍‍තොග මිල නගී

T

The Leader Desk

March 18, 2026 • 4:13 AM

සීනි - පරිප්පු ‍‍තොග මිල නගී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුදමය තත්ත්වය නිසා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් නිතරම උච්චාවචනය වන බවත් අල ලූනු කිලෝවක තොග මිල රුපියල් 10 කින් පමණ අඩුවී ඇතැයි ද සෙනෙවිරත්න සඳහන් කළේය.
  • නෞකා ගාස්තු, රක්ෂණ ගාස්තු ඉහළ යාම නිසා ඇතැම් ඇණවුම් කර ඇති භාණ්ඩ ප්‍රවාහනයේදීත් වැඩිපුර ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බවද ඔහු කියා සිටියේය.
  • මේ වන විට භාණ්ඩවල හිඟයක් මතුව නැති මුත් භාණ්ඩ මිල ගණන් උච්චාවචනය දිගින් දිගටම සිදුවන බව ද සඳහන් කළේය.
  • මෙම තත්ත්වය හමුවේ ඇතැම් වෙළෙඳුන් ආහාර ද්‍රව්‍ය තොග පවත්වාගෙන යාමට උත්සාහ නොගත යුතු බවත් මෙම තත්ත්වය කළමනාකරණය කරගත හැකි බවත් සෙනෙවිරත්න කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


යුදමය තත්ත්වය නිසා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් නිතරම උච්චාවචනය වන බවත් අල ලූනු කිලෝවක තොග මිල රුපියල් 10 කින් පමණ අඩුවී ඇතැයි ද සෙනෙවිරත්න සඳහන් කළේය.

නෞකා ගාස්තු, රක්ෂණ ගාස්තු ඉහළ යාම නිසා ඇතැම් ඇණවුම් කර ඇති භාණ්ඩ ප්‍රවාහනයේදීත් වැඩිපුර ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බවද ඔහු කියා සිටියේය.

මේ වන විට භාණ්ඩවල හිඟයක් මතුව නැති මුත් භාණ්ඩ මිල ගණන් උච්චාවචනය දිගින් දිගටම සිදුවන බව ද සඳහන් කළේය.

මෙම තත්ත්වය හමුවේ ඇතැම් වෙළෙඳුන් ආහාර ද්‍රව්‍ය තොග පවත්වාගෙන යාමට උත්සාහ නොගත යුතු බවත් මෙම තත්ත්වය කළමනාකරණය කරගත හැකි බවත් සෙනෙවිරත්න කියා සිටියේය.

මෙරටට හාල් මැස්සන් ගෙන ඒමේදී ඉරානයෙන් සියයට 60 ක් පමණ ආනයනය කළ බවත් එම වෙළෙඳපොළ අහිමිවීමෙන් පසුව තායිලන්තයෙන් හාල්මැස්සන් ගෙන්විය හැකි බවද ඔහු සඳහන් කළේය.

ටින් මාළු ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවත් පවතින තත්ත්වය යටතේ දේශීය ටින් මාළු ප්‍රමාණවත් නොවන බැවින් ටින් මාළු ආනයනයට ඉඩදෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ආහාර තොග රැස් නොකර කටයුතු කරන්නේ නම් ඉන්දියාව, චීනය, පාකිස්තානය ආදී රටවල්වලින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වා උත්සව කාලයේදී භාණ්ඩ හිඟයක් ඇති නොවන තැනට පත්කර ගත හැකි බවද නිහාල් සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

( aruna | ශිරාන් රණසිංහ)

 

whatsapp 202507155

fuel 1
fuel 2

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සීනි - පරිප්පු ‍‍තොග මිල නගී | The Leader