The Leader News
BREAKING
Top Ad
පුවත්

විශේෂ වාහන අංක ගන්න දස ලක්ෂයක් ගෙවන්න වෙයි

T

The Leader Desk

March 18, 2026 • 3:22 PM

විශේෂ වාහන අංක ගන්න දස ලක්ෂයක් ගෙවන්න වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම මෝටර් වාහන සඳහා නිකුත් කරනු ලබන අංක වලින් ඉදිරියට අංක 50000ක් දක්වා වන විශේෂ අංක වෙන් කරවා ගැනීමට අදාළ ගාස්තු සඳහා අදාළ වන නියෝග 2023-10-05 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
  • ඒ අනුව, එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම මෝටර් වාහන සඳහා නිකුත් කරනු ලබන අංක වලින් ඉදිරියට අංක 50000ක් දක්වා වන විශේෂ අංක වෙන් කරවා ගැනීමට අදාළ ගාස්තු සඳහා අදාළ වන නියෝග 2023-10-05 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

 එම නියෝග සංශෝධනය කරමින් මෝටර් සයිකල්, මෝටර් ට්‍රයිසිකල් සහ මෝටර් ට්‍රයිසිකල් වෑන් රථ හැර වෙනත් සියලුම මෝටර් වාහන සඳහා නිකුත් කරනු ලබන අංක වලින් 50,000 න් ඉදිරියට 100,000 ක් දක්වා විශේෂ අංක වෙන් කිරීමට හා එම එක් අංකයක් වෙනුවෙන් රුපියල් 1,000,000 ක ගාස්තුවක් අය කිරීමට හැකි වන පරිදි නෛතික ප්‍රතිපාදන සැලසීම පිණිස අංක 2470/14 හා 2026-01-05 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

ඒ අනුව, එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

| aruna

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...