එම ව්‍යාපාරයට යටවී ඉඩම් අහිමි වන දෙමළ ජනතාව මෙන්ම උතුරු පළාතේ මහජන නියෝජිතයන්ද බලධාරීන්ට කරුණු දැක්වීමට අමතරව මහජන විරෝධතා ද පවත්වා තිබේ.
මහවැලි සංවර්ධන අධිකාරිය විසින් යුද පීඩිත කොක්කුතොඩුවායි මධ්‍යම ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ලුණු ලේවායක් අලුතින් ආරම්භ කිරීම සදහා දෙමළ ජනතාවගේ පාරම්පරික ගොවිබිම් සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු කිසිදු අවසරයකින් තොරව ආරම්භ කිරීම පිළිබඳව වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී (ITAK) තුරෙයිරාසා රවිහරන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් හමුවී දැනුම් දී තිබුණි.
එම දැනුම්දීම අනුව ‘ලුණු ලේවායක් ඉදිකිරීම සඳහා මහවැලි අධිකාරිය පෞද්ගලික ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් මැයෙන්’ මුලතිව් දිස්ත්‍රික් ලේකම් අරුලානන්දම් උමාමහේෂ්වරන් විසින් 2026 මාර්තු 10 වැනිදා මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කල ලිපියක් මගින් යෝජනා කර තිබුනේ ලුණු ලේවාය ඉදි කිරීම සදහා ලබා දී ඇති ඉඩම් වල අයිතිය නිශ්චිතවම තහවුරු කරන තෙක් එම භුමියේ දැනට සිදු කරන ක්‍රියාකාරකම් සදහා ලබා දී ඇති අවසරය තාවකාලිකව අත්හිටුවීම සුදුසු බවයි.
කොක්කොතුඩුවායි ප්‍රදේශයේ ලුණු ලේවායක් ඉදිකිරීම වෙනුවෙන් මහවැලි සංවර්ධන අධිකාරිය විසින් අක්කර 50 ක භුමියක් අනුමැතියකින් තොරව ලබා ගෙන ඇති බවට ඉඩම් හිමියන් විසින් කර ඇති පැමිණිලි කර ඇති බව මුලතිව් දිස්ත්‍රික් ලේකම් අරුලානන්දම් උමාමහේෂ්වරන් ජනරාල්ට ඊට අදාල ලියවිලිද සමගින් මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කර තිබේ.
දිස්ත්‍රික් ලේකම්වරයා මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ට තවදුරටත් දැනුම් දී ඇත්තේ ලුණු ලේවාය සදහා වෙන් කරඇති අක්කර 50 භුමිය තුළ පුද්ගලික ඉඩම් සහ තෘණ භුමි ඇතැයි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව මුලික විමර්ශන වලදී තහවුරු වී ඇති බවයි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ අභියෝගයට ලක්වී ඇති ඉඩම් පැවරීම පිළිබඳව 2026 මාර්තු 12 වැනිදා වව්නියාවේ පැවැති විශේෂ දිස්ත්‍රික් සමීබන්ධිකරණ කමිටු රැස්වීමට පැමිණි කෘෂිකර්ම පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත වෙත දැනුම් දීමට වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී (ITAK) තුරෙයිරාසා රවිහරන් කටයුතු කළ බවයි.
එම අවස්ථාවේදීම අමාත්‍යවරයා මුලතිව් දිස්ත්‍රික් ලේකම් අරුලානන්දම් උමාමහේෂ්වරන් වෙත දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
එම විශේෂ දිස්ත්‍රික් සමීබන්ධිකරණ කමිටු රැස්වීමට පැමිණ සිටි මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරියකු කෘෂිකර්ම පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත වෙත දැනුම් දී ඇත්තේ ලුණු ලේවාය ඉදි කිරීම වෙනුවෙන් නිල අනුමැතිය ලබා ගෙන ඇති අතර වැලිඔය ප්‍රාදේශිය සභාවේ සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදි ද ඒ සදහා අනුමැතිය හිමිව ඇති බවයි.
ලුණු ලේවාය ඉදි කරන භුමියේ අයිතිය වෙනුවෙන් කිසිවකුත් එදින දක්වාම මහවැලි සංවර්ධන අධිකාරිය වෙත පැමිණිලි කර නැති බව අමාත්‍යවරයාට දැනුම් දෙමින් මහවැලි සංවර්ධන අධිකාරියේ එම නිලධාරියා පවසා ඇත්තේ එම ඉඩම් සදහා අයිතිවාසිකම් කියා පාන පිරිස් සිටී නම් ඒ සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන අධිකාරියට පැමිණිලි කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවයි.
ලුණු ලේවායේ වැඩ කටයූතු සිදු කරන ස්ථානය නිරීක්ෂණය කිරීම සදහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා 2026 මාර්තු 15 වැනිදා එම භුමියට හිමිකම් කියන දෙමළ ජනතාව සමග ගොස් තිබු අතර විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එම ස්ථානයේ සිටි පිරිස හිටපු මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා තිබුනේ අදාල රජයේ බලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කර තම ඉඩම් ආපසු ලබා දීමට කටයුතු කරන ලෙසයි.
රජයේ හමුදාවන්ට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ හා වන ජීවි දෙපාර්තමේන්තු, මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක්ම උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා බවට දිගින් දිගටම චෝදනාවන්ට ලක්ව සිටී.






