The Leader News
BREAKING
Top Ad
පුවත්

ස්වීඩනයේ ශ්‍රී ලංකා සංගමයේ නව නිලධාරි මණ්ඩලය හා තානාපති අතර විශේෂ සාකච්ඡාවක්

T

The Leader Desk

March 19, 2026 • 4:06 AM

ස්වීඩනයේ ශ්‍රී ලංකා සංගමයේ නව නිලධාරි මණ්ඩලය හා තානාපති අතර විශේෂ සාකච්ඡාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ෂය සඳහා අභිනවයෙන් පත්වූ ස්වීඩනයේ ශ්‍රී ලංකා සංගමයේ නව නිලධාරි මණ්ඩලය පසුගියදා (මාර්තු 13 ) ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ෆොන්සේකා සමග සංගමයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූහ.
  • මෙම සාකච්ඡාව සඳහා සංගමය නියෝජනය කරමින් සභාපති ප්‍රදීප පණ්ඩුල ලියනහේවගේ, ලේකම් ඉන්ද්‍රජිත් වෑවලගේ සහ භාණ්ඩාගාරික නරේෂ් උමංග ජයසුන්දර ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.
  • එමෙන්ම ස්වීඩනයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් ගේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ශක්තිය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් සංගමය විසින් අලුතින් පිහිටුවන ලද අනුකමිටු 07 පිළිබඳව ද තානාපති වෙත විස්තරාත්මකව දැනුවත් කළේ ය.
  • ඊට අමතරව, ශ්‍රී ලාංකීය සංස්කෘතිය, ආගමික වටිනාකම් සහ සම්ප්‍රදායන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් 2026 වර්ෂය තුළ සංගමය සංවිධානය කිරීමට නියමිත විවිධ සංස්කෘතික සහ සමාජ වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

2026 වර්ෂය සඳහා අභිනවයෙන් පත්වූ ස්වීඩනයේ ශ්‍රී ලංකා සංගමයේ නව නිලධාරි මණ්ඩලය පසුගියදා (මාර්තු 13 ) ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ෆොන්සේකා සමග සංගමයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූහ.


මෙම සාකච්ඡාව සඳහා සංගමය නියෝජනය කරමින් සභාපති ප්‍රදීප පණ්ඩුල ලියනහේවගේ, ලේකම් ඉන්ද්‍රජිත් වෑවලගේ සහ භාණ්ඩාගාරික නරේෂ් උමංග ජයසුන්දර ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.

මෙම හමුවේ දී විශේෂ අවධානය යොමු කළේ, ස්වීඩනයට පැමිණීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයින් සහ දැනට ස්වීඩනයේ පදිංචිව සිටින නවක පිරිස් මුහුණ දෙන ආර්ථික, සංස්කෘතික සහ නීතිමය අභියෝග පිළිබඳව ය. ඒ සඳහා ස්වීඩනයේ ශ්‍රී ලංකා සංගමය විසින් සකස් කරන ලද නව වැඩපිළිවෙල සහ ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරුණි.

එමෙන්ම ස්වීඩනයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් ගේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ශක්තිය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් සංගමය විසින් අලුතින් පිහිටුවන ලද අනුකමිටු 07 පිළිබඳව ද තානාපති වෙත විස්තරාත්මකව දැනුවත් කළේ ය.

ඊට අමතරව, ශ්‍රී ලාංකීය සංස්කෘතිය, ආගමික වටිනාකම් සහ සම්ප්‍රදායන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් 2026 වර්ෂය තුළ සංගමය සංවිධානය කිරීමට නියමිත විවිධ සංස්කෘතික සහ සමාජ වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කළේ ය.

මෙම අවස්ථාවේ දී පසුගිය වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සංගමය විසින් සිදු කරන ලද පරිත්‍යාග සහ සහාය කටයුතු පිළිබඳවද සාරාංශ වශයෙන් තානාපති වෙත දැනුම් දුන්නේ ය.

මෙහි දී තානාපති විසින් තානාපති කාර්යාලය තුළ පවතින නීතිරීති අනුව සංගමය විසින් සිදුකරනු ලබන කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට තානාපති කාර්යාලය සූදානම් බව දන්වා සිටියේ ය.

මෙම හමුව අවසන් වූයේ ස්වීඩනයේ ශ්‍රී ලාංකික ප්‍රජාව ගේ එකමුතුව, යහපැවැත්ම සහ සංවර්ධනය උදෙසා අනාගතයේ දී ද එක්ව කටයුතු කිරීමට එකඟතාවය පළ කරමිනි.
 

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...