The Leader News
BREAKING
Top Ad
පුවත්

'අල්ලස් වශයෙන් ලැබුන මුදලින් කොටසක් මහින්දට දුන්න කතාවේ ඇත්ත -නැත්ත ? - කපිලගෙන් දිව්රුම් ප්‍රකාශයක් !

T

The Leader Desk

March 19, 2026 • 10:57 AM

  'අල්ලස් වශයෙන් ලැබුන මුදලින් කොටසක් මහින්දට දුන්න කතාවේ ඇත්ත -නැත්ත ? - කපිලගෙන් දිව්රුම් ප්‍රකාශයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බන්ධනාගාර ගත කර සිටින සැකකාර ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
  • හිටපු ගුවන් සේවා අමාත්‍යය ප්‍රියංකර ජයරත්න සැකකරුට රුපියල් කෝටි දෙකක මුදලක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට රුපියල් කෝටි දෙක බැගින් කෝටි හයක මුදලක් ලබාදී ඇති බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසීය.
  • කෙසේවුවද මේවනවිට රිමාන්ඩ් භාරයේ සිටින ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන දිවුරුම් ප්‍රකාශයක ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ, තමාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේ බිය ගැන්වීම් සහ තර්ජනය කිරීම් මත බවයි.
  • එම දිවුරුම් ප්‍රකාශය මතු පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

- අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි! 



ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් සැකකාර කපිල චන්ද්‍රසේනට ලැබුණු අල්ලස් මුදලින් රුපියල් කෝටි අටක මුදලක් හිටපු ජනාධිපතිවරයාට හා හිටපු ගුවන් සේවා අමාත්‍යවරයාට කොටස් වශයෙන් ලබා දී ඇති බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද පැවසීය.

බන්ධනාගාර ගත කර සිටින සැකකාර ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.

හිටපු ගුවන් සේවා අමාත්‍යය ප්‍රියංකර ජයරත්න සැකකරුට රුපියල් කෝටි දෙකක මුදලක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට රුපියල් කෝටි දෙක බැගින් කෝටි හයක මුදලක් ලබාදී ඇති බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසීය.

සිය බිරිද නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා ප්‍රකට සිවිල් ගුවන්යානා සමාගමකින් (European Aeronautic Defence and Space company (EADS)) යූරෝ 1,454,645.54 ක (ඇමරිකන් ඩොලර් මිලියන දෙකක ) අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකරු ලබන 02 දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේය.
 
 කෙසේවුවද  මේවනවිට රිමාන්ඩ් භාරයේ සිටින ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන දිවුරුම් ප්‍රකාශයක ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ, තමාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේ බිය ගැන්වීම් සහ තර්ජනය කිරීම් මත බවයි.  
 
''හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම් සහ ඔවුන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී යම් බලපෑමක් සිදු කළ බව හෝ යම් අයුතු දායකත්වයක් දැක්වු බව හෝ යම් මුදලක් ලබා ගත් බව සහ මාගේ බිරිඳගේ දායකත්වයක් තිබු බවට මාගේ ප්‍රකාශයේ කුමන හෝ ස්ථානයක අඩංගු වේ නම්, එම කරුණු මා ස්වේච්ජාවෙන් සිදු කරන ලද්දක් නොව, එම කරුණු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ බිය ගැන්වීම සහ තර්ජනය කිරීම මත ඇති වූ මරණ බය ප්‍රයෝජනයට ගනිමින්  මාගේ ප්‍රකාශය ලබා ගන්නා ලද නිලධාරියා විසින් ලබා ගන්නා ලද කරුණු වන බව...'' සැකකාර කපිල චන්ද්‍රසේන සිය දිවුරුම් ප්‍රකාශය මගින් කියා සිටියි.

එම දිවුරුම් ප්‍රකාශය මතු පළවේ.



Diwrum prakshaya Kapila
දිවුරුම් ප්‍රකාශයයි

කොළඹ 07. ඛාන්ස් පෙදෙස, අංක 71/4 හි පදිංචි කපිල චන්ද්‍රසේන (ජා.හැ. අංක 196433810075) වන මා බෞද්ධාගමිකයකු වශයෙන් සත්‍ය ලෙසත්, අවංකවත්, ගාම්භිරතා පූර්වකව ප්‍රතිඥා දී ප්‍රකාශ කර සිටින වගනම්,

1) ඉහත සඳහන් ප්‍රතිඥා ප්‍රකාශක මම වෙමි.

2) මා ප්‍රකාශ කර සිටින්නේ 2026.03.12 වන දින ප්‍රකාශයක් ලබා දීම සඳහා කරන ලද දැනුම් දීමකට අනුව මාගේ නීතිඥවරයා සමග මා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ගිය බවයි.


 3) මා ප්‍රකාශ කර සිටින්නේ මාගේ ප්‍රකාශය සටහන් කරමින් සිටින අතරතුර මාගේ ප්‍රකාශය සටහන් කරගන්නා ලද නිලධාරියා ප්‍රකාශය සටහන් කරමින් සිටි කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණ ''සර් පොඩ්ඩක් යං '' යනුවෙන් මට කතා කර, එකී විමර්ශන අංශය පිහිටා තිබු එම ගොඩනැගිල්ලේ 3 වන මහලෙන් පිටතට රැගෙන ගොස් විදුලි සෝපානයෙන් මා එම ගොඩනැගිල්ලේ 1 වන මහලට රැගෙන ගිය බවත්, මා සමඟ නිලධාරින් දෙදෙනෙකු ගිය බවත්, ඒ යන අතරතුර විදුලි සෝපානය තුළදී මා සමග ගිය එක් නිළධාරියෙක් "ඔය බයිලා කියලා හරියන්නෙ නැහැ. අපිට ඕන දේ කියන්න, නැත්නම්  ඇරෙස්ට් කරන්න වෙනවා යනුවෙන් ප්‍රකාශ කළ බවත්, එවිට මා සිද්ධ වුන දේ තමයි මම කියන්නේ. මම බයිලා කියන්නේ නැහැ" ලෙස ඔහුට ප්‍රකාශ කළ බවයි.

4) මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් පසු මා එම ගොඩනැගිල්ලේ 1 වන මහලේ පිහිටි හිස් කාමරයක් තුළට රැගෙන ගොස් මා හට වාඩි වීමට සැලැස්වු ‍බවත්, කාමරයට ඇතුලුවන අවස්ථාවේදී තවත් නිලධාරියෙකු එකී කාමරයේ දොර අසල සිටි බවත්, මා සමග ගිය නිලධාරීන් දෙදෙනාද මා වාඩිකර එම කාමරයෙන් පිටත දොර ළඟ රැඳී සිටි බවත්, ඉන් ස්වල්ප වේලාවකට පසු සුදු අත් දිග ෂර්ට් එකක්, කළු කලිසමක් සහ කළු ටයි පටියක් පැළැඳ සිටි අල්ලස් හා දූෂණ විමරශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන රංග දිසානායක මහතා මා සිටි කාමරයට පැමිණි බවත්, එවිට මා සිට ගත් බවත්. ඔහු කාමරයට පැමිණෙන විටම මාගෙන් මාව දන්නවා නේද' කියා ඇසූ බවත්, මම එවිට "ඔව් සර් යනුවෙන් පැවසූ බවත්, ඔහු මා අසල වූ පුටුවේ වාඩිවී මා හට වාඩි වන ලෙස දැවූ බවයි.

5) මා ප්‍රකාශ කර සිටින්නේ මෙම නඩුවේ සිද්ධිමය කරුණු සම්බන්ධයෙන්ම අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු B 14363/19 අංක දරණ නඩුවේ සැකකරුවෙකු වූ මා හට ඇප ප්‍රධානය කිරීමේ නියෝගය කරන ලද්දේ වාර්තමාන අධ්‍යක්ෂක ජනරාල්වරයා වන රංග දිසානායක මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරනු ලබන අවදියේදී බවත්, ඒ අනුව මම ඔහුව දන්නා බවත්. ඔහු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් වූ පසු රූපවාහිහියෙන්ද මා ඔහුව දැක ඇති බවයි.

 
 6) මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් අනතුරුව එකී රංග දිසානායක මහතා තර්ජනාත්මක ස්වරයෙන් මා අමතා " මේ ඔයාගෙ අන්තිම චාන්ස් එක, මීට සති දෙක තුනකට කලින් මේ වගේම කෙනෙක් ආවා, තමුනුත් දන්නව ඇතිනෙ කවුද කියල. දන්නේ නැත්නම් මම කියන්නම්, ඒ කෙහෙළියගේ නඩුවේ කෙනෙක්. මිනිහට මම වාන්ස් දෙකක් දුන්නා, ගත්තෙ නෑ, මිනිහට ඉන්ඩයිට්මට් දෙන දවසට කලින් මිනිහා එල්ලිලා මැරුණා, තමුන්ගේ එකේ ඉන්න අය මම දන්නවා, මහ එකාගෙ නමයි. පොඩ් එකාගෙ නමයි කියනවා, අනික තමුන්ගේ වයිෆ් ගැන" යනුවෙන් පැවසූ බවත්, එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත්, එවට ඔහු ඇයි තේරුනේ නැද්ද, මහින්දයි, නාමලුයි ගැන කියනවා. මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ද කරලම දාන්න. ඒක මං කරනවා. මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළදා ගන්න තැනට මම වැඩ කරනවා" යනුවෙන් තරජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බවයි.
 
7) මා ප්‍රකාශ කර සිටින්නේ ඉන්පසු මා සමග පැමිණි නිලධාරීන් දෙදෙනා නැවතත් මා 3 වන මහලට රැගෙන යන අතරතුර ප්‍රකාශය ලබාදීම සම්බන්ධයෙන් මාගේ නීතිඥවරයාගෙන් උපදෙස් ලබා ගැනිමට අවශ්‍ය බව එම නිලධාරීන්ට දැනුම් දුන් විට "ඔයා ප්‍රකාශෙ දෙන ගමන්නේ තාම ඉන්නේ, ඒ හින්දා ඉවර වෙනකන් නීතිඥ මහත්තයා හම්බවෙන්න දෙන්න බැහැ" යනුවෙන් පැවසු බවයි.

8) මා ප්‍රකාශ කර සිටින්නේ ඉහත තර්ජනය කිරීම හේතුවෙන්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් රූපවාහිනියේ සිදු කරන ලද කතා ඇසීමෙන් ඔහු හරිදේ කරන කෙනෙකු යැයි මාගේ සිතේ ඇදී තිබු ප්‍රතිරූපය නැති වී ගිය බවත්, අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සිදු කරන ලද බලපෑම සහ තර්ජනය හේතුවෙන් මා බයට සහ තැති ගැන්මට ලක් වු බවත්, මා හටද මාගේ ජීවිතය එපා කරවා මා හටද එල්ලී මිය යාමට තරම් මාගේ සිතට දරාගත නොහැකි පීඩනයක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් වරයා විසින් එල්ල කරනු ඇති බවට වු බය නිසා මාගෙන් ප්‍රකාශය ලබා ගත් නිලධාරියාට අවශ්‍ය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේද, මාගේ බිරිඳගේද නම් ඇතුලුව එම ප්‍රකාශය ලබා දුන් බවයි.

 9) මා ප්‍රකාශ කර සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම් සහ ඔවුන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී යම් බලපෑමක් සිදු කළ බව හෝ යම් අයුතු දායකත්වයක් දැක්වු බව හෝ යම් මුදලක් ලබා ගත් බව සහ මාගේ බිරිඳගේ දායකත්වයක් තිබු බවට මාගේ ප්‍රකාශයේ කුමන හෝ ස්ථානයක අඩංගු වේ නම්, එම කරුණු මා ස්වේච්ජාවෙන් සිදු කරන ලද්දක් නොව. එම කරුණු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ බිය ගැන්වීම සහ තර්ජනය කිරීම මත ඇති වූ මරණ බය ප්‍රයෝජනයට ගනිමින්  මාගේ ප්‍රකාශය ලබා ගන්නා ලද නිලධාරියා විසින් ලබා ගන්නා ලද කරුණු වන බවයි.
 
ඉහත දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගතය ප්‍රතිඥා ප්‍රකාශක විසින් කියවා තේරුම්ගෙන සත්‍ය බවට පිළිගෙන, ප්‍රතිඥා දී වර්ෂ 2026 ක් වු මාර්තු මස 18 වන දින මා ඉදිරියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දී අත්සන් කරන ලදි.
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...