The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ජනපති හමු වෙයි

T

The Leader Desk

March 19, 2026 • 11:26 AM

ඇමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ජනපති හමු වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.
  • එමෙන්ම, මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කළේය.
  • සමුද්‍රීය ආරක්ෂාව ගැන අවධානය දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් අද (මාර්තු 19) සිට මාර්තු 24 වන දා දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්හි සංචාරයක නිරත වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
  • නිල සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ, පසුගිය මස 19 වන දා ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම,  මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ සහ Sergio Gor සමඟ පැමිණි නියෝජිත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

655262974 1518482762981281 6440141822542262037 n654429643 1518482782981279 7416344223815178447 n

සමුද්‍රීය ආරක්ෂාව ගැන අවධානය

දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් අද (මාර්තු 19) සිට මාර්තු 24 වන දා දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්හි සංචාරයක නිරත වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

සර්ජියෝ ගෝර් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ, ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කේලර්ගේ කොළඹ සංචාරයෙන් මසකට පසුව ය. නිල සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ, පසුගිය මස 19 වන දා ය. ඒ, ඇමෙරිකාව හා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට දින කිහිපයකට පෙර ය.

ඉන්දියානු සාගර කලාපයේ සහයෝගීතාව වර්ධනය කිරීම සර්ජියෝ ගෝර්ගේ මෙම සංචාරයේ අරමුණ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ සිටින අතරතුර, විශේෂ නියෝජිත ගෝර්, එක්සත් ජනපද-ශ්‍රී ලංකා සම්බන්ධතාවයේ වැදගත්කම නැවත තහවුරු කිරීම සහ ප්‍රධාන අංශවල සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විශේෂ නියෝජිත ගෝර්ගේ සංචාරය හරහා, අත්‍යවශ්‍ය මුහුදු මාර්ග ආරක්ෂා කිරීමට සහ වරායන් සුරක්ෂිත කිරීමට, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළෙඳ හා වාණිජ සබඳතා ශක්තිමත් කිරීමට සහ දෙරටේ ම ජනතාවගේ ප්‍රයෝජනය සඳහා නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් ඉදිරියට ගෙන යාමට එක්සත් ජනපදය දරන උත්සහයන්ට තවදුරටත් සහය වනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සමග ඇති කල් පවත්නා හවුල්කාරිත්වයන් සහ කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා සිය හවුල්කාරී කැපවීම එක්සත් ජනපදය අගය කරන බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...