ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ප්‍රධානෝත්සවයේ දී මෙම සම්මානය මහාචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ වෙත පිරිනමනු ලැබුවේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක විසිනි.
2023, 2024, 2025 වසර වල කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විශිෂ්ටතා සෙනෙට් සම්මානද දිනාගනු ලැබුවේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ විසිනි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය විෂය පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන මහාචාර්ය වීරසිංහගේ පර්යේෂණ ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවල පළ වීම ඇති අතර ඔහුගේ ලේඛන Sage, Routledge වැනි ජාත්‍යන්තර පොත් සමාගම් විසින් පළ කර ඇත.






